-
ගණන් කතාව 35:22-25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
22 “‘ඒත් කෙනෙක් හදිස්සියේ තව කෙනෙක්ව තල්ලු කරලා ඒ කෙනා වැටිලා මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙයක් වීසි කරද්දී ඒක වැදිලා කෙනෙක් මැරෙන්න පුළුවන්. ඒත් ඒක කරපු කෙනාගේ හිතේ මැරුණ කෙනා ගැන කිසිම වෛරයක් තිබුණේ නැහැ.+ ඔහු ඒක කළේ හිතාමතා නෙමෙයි. 23 එහෙමත් නැත්නම් කෙනෙක් ගලක් පෙරළද්දී ඒ ගලට යට වෙලා තව කෙනෙක් දරුණු විදිහට තුවාල වෙලා මැරෙන්න පුළුවන්. ඒත් ඒ කෙනා එතන ඉන්නවා කියලා ගල පෙරළපු කෙනා දැක්කේ නැහැ. ඔහුගේ හිතේ මැරුණ කෙනා ගැන කිසිම වෛරයක් තිබුණෙත් නැහැ. ඔහු ඒක කළේ හිතාමතා නෙමෙයි. 24 ඒ වගේ අවස්ථාවලදී වරදකරුව මරලා දාන්න අයිතිය තියෙන කෙනාවත් වරදකරුවාවත් විනිශ්චයකරුවන් ඉස්සරහට අරන් යන්න ඕනේ.+ විනිශ්චයකරුවන් ඒ කාරණා සැලකිල්ලට අරන් 25 වරදකරුව මරලා දාන්න අයිතිය තියෙන කෙනාගෙන් වරදකරුව බේරගත යුතුයි. ඔහු වරද කරලා ආරක්ෂාව ලබාගන්න පලා ගිය නගරයටම විනිශ්චයකරුවන් ඔහුව ආයෙත් යවන්න ඕනේ. ශුද්ධ තෛලයෙන්+ අභිෂේක කරපු උත්තම පූජකයා මැරෙන කල්ම ඒ නගරයෙන් පිට වෙන්න ඔහුට අවසර නැහැ.
-
-
ද්විතීය කතාව 19:3-5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට දෙන දේශය කොටස් තුනකට බෙදන්න. ඒ හැම කොටසකම එක නගරයක් ගාණේ වෙන් කරලා තියෙන්න ඕනේ. ඒවාට පහසුවෙන්ම යන්න පුළුවන් වෙන විදිහට පාරවලුත් හදන්න. එතකොට කෙනෙක් අතින් කවුරු හරි මනුස්සයෙක් මැරුණොත් ඒ කෙනාට පුළුවන් ඒ එක නගරෙකට පලා යන්න.
4 “කෙනෙක් අතින් කවුරු හරි මනුස්සයෙක් මැරුණොත් ඒ කෙනාගේ ජීවිතේ බේරගන්න එයා කරන්න ඕනෙ මේකයි. ඒක වුණේ අත්වැරදීමකින් නම් ඒ වගේම මැරුණ කෙනා එක්ක එයාට කලින් කිසිම අමනාපයක් තිබුණේ නැත්නම් එයා ඒ එක නගරෙකට පලා යන්න ඕනේ.+ 5 හිතන්න, කෙනෙක් තව කෙනෙක් එක්ක දර කපන්න කැලෑවට යනවා කියලා. දර කපන්න පොරෝ පහරක් ගහද්දී පොරෝ තලය ගැලවිලා ගිහින් අනිත් කෙනාගේ වැදිලා එයා මැරුණොත් පොරෝ පහර ගහපු කෙනා ජීවිතේ බේරගන්න ඒ එක නගරෙකට පලා යන්න ඕනේ.+
-
-
යොෂුවා 20:7-9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 ඉතින් ඊශ්‍රායෙල්වරු නගර කීපයක් තෝරගෙන ඒවා ශුද්ධ නගර විදිහට වෙන් කළා. ඒ නගර මේවායි. ගලීලය කියන ප්‍රදේශයේ තියෙන කෙදෙෂ්+ නගරය. ඒක තියෙන්නේ නෆ්තලී ගෝත්‍රයට අයිති කඳුකර පළාතේ. එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති කඳුකර ප්‍රදේශයේ තියෙන ෂීකෙම්+ නගරය. යූදා ගෝත්‍රයට අයිති කඳුකර ප්‍රදේශයේ තියෙන කිර්යත්අර්බා+ නගරය. (ඒක හෙබ්‍රොන් විදිහටත් හඳුන්වනවා.) 8 යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ යෙරිකෝවට ළඟින් තියෙන බෙෂෙර්+ නගරය. ඒක තියෙන්නේ රූබෙන් ගෝත්‍රයේ දේශ සීමාවට අයිති පාළුකරයේ තියෙන උස් තැනිතලාවේ. ගාද් ගෝත්‍රයට ලැබුණ ප්‍රදේශයේ ගිලියද්වල තියෙන රාමොත්+ නගරය. මනස්සේ+ ගෝත්‍රයට ලැබුණ ප්‍රදේශයේ බාෂාන්වල තියෙන ගෝලාන්+ නගරය.
9 ඒ නගර වෙන් කළේ, ඊශ්‍රායෙල් ජාතිකයෙක් අතින් හරි ඊශ්‍රායෙල්වරුන් අතරේ ජීවත් වෙන විදේශිකයෙක් අතින් හරි අත්වැරදීමකින් කවුරු හරි මැරුණොත් වරදකරුට ආරක්ෂාව ලබා දෙන්නයි.+ සෙනඟ ඉස්සරහා විනිශ්චයක් ලැබෙන කල් වරදකරු ඒ නගරයකට පලා ගිහින් එහෙට වෙලා ඉන්න ඕනේ. එතකොට එයාව මරලා දාන්න අයිතිය තියෙන කෙනාගෙන් ආරක්ෂා වෙන්න එයාට පුළුවන්.+
-