-
ද්විතීය කතාව 19:8, 9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලාගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වුණ විදිහටම ඔයාලාගේ දේශ සීමා තව පුළුල් කරයි.+ ඔයාලාගේ මුතුන්මිත්තන්ට දෙන්න පොරොන්දු වුණ සම්පූර්ණ දේශයම ඔහු ඔයාලට ලබා දෙයි.+ 9 ඒත් ඔහු එහෙම කරන්නේ මම අද ඔයාලට කියලා දෙන මේ හැම ආඥාවක්ම ඔයාලා ඒ විදිහටම පිළිපදිනවා නම් විතරයි. ඒ කියන්නේ ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ආදරේ කරලා ඔහුගේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙනවා නම් විතරයි.+ ඔහු ඔයාලාගේ දේශ සීමා පුළුල් කළාම මුල් නගර තුනට අමතරව තවත් නගර තුනක් ඔයාලා වෙන් කරන්න ඕනේ.+
-
-
යොෂුවා 20:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 ඉතින් ඊශ්‍රායෙල්වරු නගර කීපයක් තෝරගෙන ඒවා ශුද්ධ නගර විදිහට වෙන් කළා. ඒ නගර මේවායි. ගලීලය කියන ප්‍රදේශයේ තියෙන කෙදෙෂ්+ නගරය. ඒක තියෙන්නේ නෆ්තලී ගෝත්‍රයට අයිති කඳුකර පළාතේ. එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති කඳුකර ප්‍රදේශයේ තියෙන ෂීකෙම්+ නගරය. යූදා ගෝත්‍රයට අයිති කඳුකර ප්‍රදේශයේ තියෙන කිර්යත්අර්බා+ නගරය. (ඒක හෙබ්‍රොන් විදිහටත් හඳුන්වනවා.)
-