ද්විතීය කතාව 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 රෙෆායිවරුන්ගෙන් ඉතුරු වෙලා හිටියේ බාෂාන්වල රජ වුණ ඕග් විතරයි. එයාගේ මිනිය තැන්පත් කළේ රියන්* නමයක් දිග, රියන් හතරක් පළල යකඩ* මිනී පෙට්ටියක. ඒක අද වෙන කල් අම්මොන්වරුන්ට අයිති රබ්බා නුවරේ තියෙනවා. ද්විතීය කතාව 4:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 සීහොන්ට අයිති වෙලා තිබුණ දේශයයි, බාෂාන්වල රජ වුණ ඕග්ට+ අයිති වෙලා තිබුණ දේශයයි එයාලා අල්ලගත්තා. යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ ජීවත් වුණ අමෝරිවරුන්ගේ ඒ රජවරුන් දෙන්නාට අයිති වුණ මුළු ප්රදේශයම එයාලා යටත් කරගත්තා. යොෂුවා 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවාගේ සේවකයා වුණ මෝසෙස් මේ වෙද්දීත් මනස්සේ ගෝත්රයේ එක කොටසකටත් රූබෙන් ගෝත්රයටත් ගාද් ගෝත්රයටත් එයාලාගේ උරුමය දීලයි තිබුණේ.+ එයාලට දුන්නේ යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් තියෙන මේ ප්රදේශයි. යොෂුවා 13:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අෂ්ටාරොත් සහ එද්රෙයි කියන නගරවල් දෙකේ ඉඳන් පාලනය කරපු, බාෂාන් දේශයේ ඕග් රජගේ මුළු රාජධානියම එයාලට උරුම වුණා. (ඕග් කියන්නේ ඉතුරු වෙලා හිටපු රෙෆායිවරුන්ගෙන් කෙනෙක්.)+ මෝසෙස් ඒ හැම ජාතියකටම පහර දීලා එයාලව දේශයෙන් පන්නලා දැම්මා.+
11 රෙෆායිවරුන්ගෙන් ඉතුරු වෙලා හිටියේ බාෂාන්වල රජ වුණ ඕග් විතරයි. එයාගේ මිනිය තැන්පත් කළේ රියන්* නමයක් දිග, රියන් හතරක් පළල යකඩ* මිනී පෙට්ටියක. ඒක අද වෙන කල් අම්මොන්වරුන්ට අයිති රබ්බා නුවරේ තියෙනවා.
47 සීහොන්ට අයිති වෙලා තිබුණ දේශයයි, බාෂාන්වල රජ වුණ ඕග්ට+ අයිති වෙලා තිබුණ දේශයයි එයාලා අල්ලගත්තා. යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ ජීවත් වුණ අමෝරිවරුන්ගේ ඒ රජවරුන් දෙන්නාට අයිති වුණ මුළු ප්රදේශයම එයාලා යටත් කරගත්තා.
8 යෙහෝවාගේ සේවකයා වුණ මෝසෙස් මේ වෙද්දීත් මනස්සේ ගෝත්රයේ එක කොටසකටත් රූබෙන් ගෝත්රයටත් ගාද් ගෝත්රයටත් එයාලාගේ උරුමය දීලයි තිබුණේ.+ එයාලට දුන්නේ යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් තියෙන මේ ප්රදේශයි.
12 අෂ්ටාරොත් සහ එද්රෙයි කියන නගරවල් දෙකේ ඉඳන් පාලනය කරපු, බාෂාන් දේශයේ ඕග් රජගේ මුළු රාජධානියම එයාලට උරුම වුණා. (ඕග් කියන්නේ ඉතුරු වෙලා හිටපු රෙෆායිවරුන්ගෙන් කෙනෙක්.)+ මෝසෙස් ඒ හැම ජාතියකටම පහර දීලා එයාලව දේශයෙන් පන්නලා දැම්මා.+