-
ලෙවී කතාව 25:33, 34ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
33 ලෙවීවරුන්ට අයිති නගරයක තියෙන ගෙයක් ආපහු මිල දීලා ගත්තේ නැත්නම් නිදහස ලැබෙන අවුරුද්දේදී ඒක ආපහු අයිතිකරුට ලැබෙනවා.+ මොකද ලෙවීවරුන්ට අයිති නගරවල තියෙන ගෙවල් ඊශ්රායෙල් දේශයේ ඔවුන්ට අයිති දෙයක් විදිහට ඔවුන් වෙනුවෙන් වෙන් කරලයි තියෙන්නේ.+ 34 ඔවුන්ගේ නගර අවට තියෙන තණබිම්+ විකුණන්න අවසර නැහැ. මොකද ඒවා හැමදාටම අයිති ඔවුන්ටයි. ඒවා ඔවුන්ගේ උරුමයයි.
-
-
ගණන් කතාව 35:2-4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 “ඊශ්රායෙල් සෙනඟට කියන්න ඔවුන්ට උරුමයක් විදිහට ලැබෙන ඉඩම්වලින් ලෙවීවරුන්ට ජීවත් වෙන්න නගර දෙන්න කියලා.+ ඒ වගේම ඒ නගර අවට තියෙන තණබිම් ඔවුන් ලෙවීවරුන්ට දෙන්න ඕනේ.+ 3 ලෙවීවරු ඒ නගරවල ජීවත් වෙයි. ඒ තණබිම්වල ඔවුන්ගේ සත්ව රැළවල් සහ අනිත් සතුන් ඇති කරන්නත් ගොවිපොළවල් හදන්නත් පුළුවන්. 4 ලෙවීවරුන්ට දෙන තණබිම් මනින්න ඕනෙ මෙහෙමයි. නගරයේ පවුරේ ඉඳන් හතර පැත්තටම රියන්* 1,000 ගාණේ මනින්න.
-