11 පස්සේ යෙහෝවාගේ දූතයෙක් ඇවිත්+ ඔෆ්රාවල තිබුණ ලොකු ගහ යට වාඩි වුණා. ඒ ගහ අබිඑෂෙර්ගෙන්+ පැවතෙන යෝවාෂ්ට අයිති ගහක්. ඒ වෙලාවේ යෝවාෂ්ගේ පුතා වුණ ගිඩියොන්+ මිදි පාගන තැනක ඉඳන් එයාගේ තිරිඟු අස්වැන්නෙන් තිරිඟු ඇට වෙන් කරකරයි හිටියේ. එයා එහෙම කළේ මිදියන්වරුන්ගෙන් එයාගේ තිරිඟු අස්වැන්න හංගගන්න ඕනෙ නිසයි.