-
1 ලේකම් 22:9, 10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 ඔයාට පුතෙක් හම්බ වෙනවා.+ එයා ගත කරන්නේ සාමකාමී ජීවිතයක්. එයාගේ සතුරන්ගෙන් එයාට කිසිම හිරිහැරයක් වෙන්න මං ඉඩ දෙන්නේ නැහැ.+ එයාගේ නම සලමොන්.*+ එයා පාලනය කරන කාලේදී මම ඊශ්‍රායෙල් දේශයේ ඉන්න මිනිස්සුන්ට සාමය පිරුණු, නිදහස් ජීවිතයක් දෙනවා.+ 10 එයා තමයි මගේ නමට ගෞරවයක් ගේන්න ගෘහයක් හදන්නේ.+ මම එයාට තාත්තා කෙනෙක් වෙනවා. එයා මගේම පුතෙක් වෙනවා.+ මම එයාගේ රජකම ස්ථිර කරලා එයාගේ සිංහාසනය ඊශ්‍රායෙල් දේශයේ හැමදාටම පිහිටුවනවා.’+
-
-
2 ලේකම් 2:4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 දැන් මම මගේ දෙවි වන යෙහෝවාගේ නමට ගෞරවය ගේන්න ගෘහයක් හදන්න ලෑස්ති වෙනවා. මට පුළුවන් වෙයි ඒ ගෘහය දෙවියන්ට කරන නමස්කාරය වෙනුවෙන්ම කැප කරන්න. ඒ ගෘහයේදී දෙවියන් ඉස්සරහා සුවඳ ද්‍රව්‍ය දවන්නත්+ ඔහුට පූජා කරන රොටි නිතරම තියන්නත්+ පුළුවන් වෙයි. ඒ වගේම උදේ හවස,+ සබත් දවස්වලදී,+ නව සඳ පායන දවස්වලදී+ සහ අපේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් පවත්වන උත්සවවලදී+ දවන පූජා ඔප්පු කරන්නත් පුළුවන් වෙයි. හැමදාටම ඊශ්‍රායෙල් සෙනඟ ඒ දේවල් කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා.
-