-
2 ලේකම් 9:3-8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 ෂෙබාවල රැජින සලමොන්ට කොච්චර ප්‍රඥාවක්+ තියෙනවාද කියලත් එයා හදපු මාලිගාවත් දැක්කා.+ 4 රජගේ මේසයේ තිබුණ කෑමත්+ කෑම ගන්න නිලධාරීන්ව වාඩි කරවන්න තිබ්බ සැලැස්මත් එයා දැක්කා. ඒ වගේම මේසයට කෑම ගෙනාපු සේවකයන්වත් එයාලාගේ ඇඳුමුත් බීම වර්ග පිළිගන්වපු සේවකයන්වත් එයාලාගේ ඇඳුමුත් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ නිතරම ඔප්පු කරපු දවන පූජාවනුත්+ එයා දැක්කා. ඒවා දැක්කාම එයාට අදහාගන්න බැරුව ගියා.* 5 ඉතින් එයා රජට මෙහෙම කිව්වා. “ඔබ කරපු දේවල්* ගැනයි, ඔබේ ප්‍රඥාව ගැනයි මගේ රටේදී මට ආරංචි වුණ හැම දෙයක්ම ඇත්ත. 6 ඒත් ඔබව හම්බ වෙන්න ඇවිත් ඒ දේවල් මගේම ඇස් දෙකෙන් දකින කල්+ මං ඒවා විශ්වාස කළේ නැහැ. ඔබට තියෙන ප්‍රඥාවෙන් භාගයක් ගැනවත් මට අහන්න ලැබිලා නැහැ.+ මට අහන්න ලැබුණාට වඩා ලොකු ප්‍රඥාවක් ඔබට තියෙනවා.+ 7 ඔබ කියන ප්‍රඥාවන්ත දේවල් ගැන නිතරම අහන්න ලැබෙන ඔබේ සෙනඟයි, ඔබ ළඟ ඉඳන් වැඩ කරන ඔබේ සේවකයනුයි මොන තරම් ආශීර්වාද ලබපු අයද! 8 ඔබ ගැන සතුටු වෙලා ඔහු වෙනුවෙන් රජකම් කරන්න ඔහුගේ සිංහාසනයේ ඔබව ඉන්දවපු ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා! ඔබේ දෙවි යෙහෝවා ඊශ්‍රායෙල් සෙනඟට ගොඩක් ආදරෙයි.+ ඊශ්‍රායෙල්වරු හැමදාටම ඉන්නවා දකින්නයි ඔහුට ඕනේ. ඒ නිසයි ඔහු ධර්මිෂ්ඨව, සාධාරණව ඔහුගේ සෙනඟව විනිශ්චය කරන්න රජ විදිහට ඔබව පත් කළේ.”
-