-
යොෂුවා 20:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 ඉතින් ඊශ්‍රායෙල්වරු නගර කීපයක් තෝරගෙන ඒවා ශුද්ධ නගර විදිහට වෙන් කළා. ඒ නගර මේවායි. ගලීලය කියන ප්‍රදේශයේ තියෙන කෙදෙෂ්+ නගරය. ඒක තියෙන්නේ නෆ්තලී ගෝත්‍රයට අයිති කඳුකර පළාතේ. එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති කඳුකර ප්‍රදේශයේ තියෙන ෂීකෙම්+ නගරය. යූදා ගෝත්‍රයට අයිති කඳුකර ප්‍රදේශයේ තියෙන කිර්යත්අර්බා+ නගරය. (ඒක හෙබ්‍රොන් විදිහටත් හඳුන්වනවා.)
-
-
යොෂුවා 20:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 ඒ නගර වෙන් කළේ, ඊශ්‍රායෙල් ජාතිකයෙක් අතින් හරි ඊශ්‍රායෙල්වරුන් අතරේ ජීවත් වෙන විදේශිකයෙක් අතින් හරි අත්වැරදීමකින් කවුරු හරි මැරුණොත් වරදකරුට ආරක්ෂාව ලබා දෙන්නයි.+ සෙනඟ ඉස්සරහා විනිශ්චයක් ලැබෙන කල් වරදකරු ඒ නගරයකට පලා ගිහින් එහෙට වෙලා ඉන්න ඕනේ. එතකොට එයාව මරලා දාන්න අයිතිය තියෙන කෙනාගෙන් ආරක්ෂා වෙන්න එයාට පුළුවන්.+
-
-
විනිශ්චයකරුවෝ 9:1, 2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 කාලයක් ගියාට පස්සේ යෙරුබ්බාල්ගේ පුතා වුණ අබිමෙලෙක්+ එයාගේ අම්මාගේ සහෝදරයන් හිටපු ෂීකෙම්වලට ගියා. එයාලටයි, එයාගේ සීයාගේ* පවුලේ අයටයි එයා මෙහෙම කිව්වා. 2 “ෂීකෙම්වල ප්‍රධානීන්* හැමෝගෙන්ම මෙහෙම අහන්නකෝ. ‘ඔයාලා කැමති යෙරුබ්බාල්ගේ පුතාලා 70දෙනාම+ ඔයාලව පාලනය කරනවාටද නැත්නම් එක මනුස්සයෙක් පාලනය කරනවාටද? මං ඔයාලාගේ ලේ නෑයෙක් කියලා මතක තියාගන්න.’”
-