-
1 රාජාවලිය 16:30-33ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
30 ඔම්රීගේ පුතා වුණ ආහබ් එයාට කලින් හිටපු හැම කෙනෙක්ටම වඩා වැඩියෙන් යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් කළා.+ 31 එයා නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම්+ කරපු වැරදි කරලා නතර වුණේ නැහැ. එයා සීදොන්වරුන්ගේ+ රජ වුණ එත්බාල්ගේ දුව යෙසබෙල්ව+ විවාහ කරගෙන බාල්ට+ නමස්කාර කරන්නත් පටන්ගත්තා. 32 ඒ විතරක් නෙමෙයි එයා බාල් වෙනුවෙන් සමාරියේ හදපු දේවාලයේ+ බාල්ට පූජාසනයකුත් හැදුවා. 33 ආහබ් නමස්කාර කරන්න කණුවකුත්* හැදුවා.+ ඇත්තටම ආහබ් එයාට කලින් ඊශ්‍රායෙල්වල හිටපු අනිත් හැම රජ කෙනෙක්ටම වඩා වැඩියෙන් ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාව කේන්ති ගස්සන දේවල් කළා.
-