-
1 ලේකම් 5:26ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
26 ඉතින් ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් ඇසිරියාවේ රජ+ වුණ පූල්ව (ඒ කියන්නේ තිල්ගත්පිල්නෙසෙර්ව)+ එයාලට විරුද්ධව එන්න පෙලඹුවා. එයා රූබෙන් සහ ගාද් ගෝත්‍රවල අයවයි, මනස්සේ ගෝත්‍රයේ එක කොටසකට අයිති අයවයි වහලුන් විදිහට අරගෙන ගියා. එයාලව හලාවල, හාබොර්වල, හාරාවල සහ ගෝසාන්+ ගඟ ළඟ පදිංචි කළා. අද වෙන කල්ම එයාලා ඒ ප්‍රදේශවල ඉන්නවා.
-
-
2 ලේකම් 28:19, 20ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 ඊශ්‍රායෙල්වල රජ වුණ ආහස්ගේ වැඩ නිසා යෙහෝවා යූදාවල සෙනඟට විපත්ති අද්දකින්න ඉඩහැරියා. ආහස් නිසා යූදාවල හිටපු මිනිස්සු ඉවක්බවක් නැතුව වැරදි දේවල් කරන්න පෙලඹුණා. ඒ විදිහට එයාලා යෙහෝවාට ද්‍රෝහි වුණා.
20 අන්තිමේදී ඇසිරියාවේ රජ වුණ තිල්ගත්පිල්නෙසෙර්+ එහෙට ආවා. එයා ආහස්ට උදව් කරනවා වෙනුවට කළේ ගොඩක් ප්‍රශ්න ඇති කරන එකයි.+
-