-
2 සාමුවෙල් 7:12-17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 ඔයාගේ මුතුන්මිත්තන් වගේ ඔයාත් මැරුණාට පස්සේ+ ඔයාගේ පෙළපතින් එන ඔයාගෙම පුතෙක්ට මම ඔයාගේ රාජ්‍යය භාර දෙනවා. මම එයාගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවනවා.+ 13 මගේ නමට ගෞරවයක් ගේන්න ගෘහයක් ගොඩනඟන්න මම තෝරගන්නේ එයාවයි.+ මම එයාගේ සිංහාසනය සදහටම ස්ථිර කරනවා.+ 14 මම එයාට තාත්තා කෙනෙක් වෙනවා. එයා මගේම පුතෙක් වෙනවා.+ එයාගේ අතින් වරදක් වුණොත් මම එයාට අවවාද කරනවා. මිනිස්සු* වේවැලකින් කෙනෙක්ට දඬුවම් කරනවා වගේ එයාට දඬුවම් කරනවා.+ 15 සාවුල් මගේ ආදරේ නැති කරගත්ත නිසා මම එයාව රජකමෙන් අයින් කළා.+ ඒත් ඔයාගේ පුතාට මම කවදාවත් එහෙම කරන්නේ නැහැ. මම හැමදාමත් එයාට නොසැලෙන ආදරයක් පෙන්නනවා. 16 ඔයාගේ රාජ්‍යයත් ඔයාගෙන් පැවතෙන රාජකීය පෙළපතත් කවදාවත් නැති වෙන්නේ නැහැ. ඔයාගේ සිංහාසනය හැමදාටම පවතිනවා.”’”+
17 දෙවියන් දර්ශනයකින් හෙළි කරපු ඒ හැම දේම නාතන් දාවිත්ට දැනුම් දුන්නා.+
-