-
2 රාජාවලිය 24:14, 15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 නෙබුකද්නෙෂර් යෙරුසලමෙන් 10,000දෙනෙක්ව වහලුන් විදිහට අරන් ගියා. අධිපතීන්,+ යුද්දෙට දක්ෂ අය, විවිධ කර්මාන්ත කරපු අය වගේම ලෝහවලින් වැඩ කරපු*+ හැමෝම ඇතුළුව යෙරුසලමේ හිටපු හැමෝවම එයා වහලුන් විදිහට අරන් ගියා. දේශයේ ඉතුරු වුණේ දුප්පත් අය විතරයි.+ 15 නෙබුකද්නෙෂර් යෙහෝයාකින්ව+ වහලෙක් විදිහට බැබිලෝනියට අරගෙන ගියා.+ යෙහෝයාකින් රජගේ අම්මාවත්, එයාගේ භාර්යාවන්වත්, උසස් නිලධාරීන්වත්, දේශයේ හිටපු වංශවත් අයවත් යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට වහලුන් විදිහට අරන් ගියා.
-