-
යොෂුවා 9:18-20ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 ඒත් එයාලා ගිබියොන්වරුන්ට පහර දුන්නේ නැහැ. මොකද අධිපතීන් ගිබියොන්වරුන්ට කිසිම හානියක් කරන්නේ නැහැ කියලා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරලා පොරොන්දු වෙලයි තිබුණේ.+ ඒ නිසා ඊශ්‍රායෙල් සෙනඟ එයාලාගේ අධිපතීන්ට දොස් කියන්න පටන්ගත්තා. 19 එතකොට අධිපතීන් සෙනඟට මෙහෙම කිව්වා. “අපි එයාලට හානියක් කරන්නේ නැහැ කියලා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරලා පොරොන්දු වුණා. ඒ නිසා එයාලට විරුද්ධව දැන් අපිට කිසිම දෙයක් කරන්න බැහැ. 20 ඉතින් අපි පොරොන්දු වුණ විදිහටම කරමු.+ අපි අපේ පොරොන්දුව කඩ කළොත් දෙවියන්ට අපිත් එක්ක ලොකු කේන්තියක් ඇති වෙයි.”
-
-
විනිශ්චයකරුවෝ 11:34, 35ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
34 ඊටපස්සේ යෙප්තා මිෂ්පාවල තිබුණ එයාගේ ගෙදර ගියා.+ එයා ගෙදර ළඟට යද්දී එයාගේ දුව රබානක් ගගහා නටනට එයාව හම්බ වෙන්න ඉස්සරහට ආවා. ඒ දුව තමයි යෙප්තාට හිටපු එකම දරුවා. එයා ඇරෙන්න තව පුතෙක්වත් දුවෙක්වත් යෙප්තාට හිටියේ නැහැ. 35 එයාව දැක්කාම යෙප්තා එයාගේ ඇඳුම් ඉරාගෙන මෙහෙම කිව්වා. “අනේ මගේ දුවේ! මට දැනෙන දුක විස්තර කරන්න වචන නෑ. මට ඔයාව මෙහෙන් යවන්න වෙනවා. මං යෙහෝවාට පොරොන්දුවක් වුණා. මගේ දුවේ, ඒ පොරොන්දුව කඩන්න නම් මට බැහැ.”+
-
-
ගීතාවලිය 50:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 ඔබේ පූජාව විදිහට දෙවියන්ට ස්තුති ප්‍රශංසා ඔප්පු කරන්න.+
උසස්ම දෙවියන්ට ඔබ දුන්න පොරොන්දු ඒ විදිහටම ඉටු කරන්න.+
-