21 දාවිත් පාලනය කරපු කාලයේදී සාගතයක්+ ඇති වුණා. ඒ සාගතය අවුරුදු තුනක් එක දිගටම තිබුණා. දාවිත් යෙහෝවා දෙවියන්ගෙන් ඒ ගැන ඇහුවාම යෙහෝවා එයාට මෙහෙම කිව්වා. “මේ විපත වෙලා තියෙන්නේ සාවුල් නිසයි. සාවුල් ගිබියොන්වරුන්ව මරලා දැම්ම නිසා+ ඒ අයගේ ලේවලට වග කියන්න ඕනෙ එයායි, එයාගේ පවුලේ අයයි.”