-
1 සාමුවෙල් 3:12, 13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 ඒලී ගැනයි, එයාගේ පවුලේ අය ගැනයි මම මුල ඉඳන් අගට කියපු හැම දෙයක්ම මං ඒ විදිහටම ඉටු කරනවා.+ 13 ඒලීගේ පුතාලා වැඩ කරන්නේ මට ලොකු නින්දාවක් ඇති වෙන විදිහටයි.+ ඒත් එයා පුතාලට තරවටු කරලා එයාලව නිවැරදි කළේ නැහැ. එයාලා කරන වැරදි දැකදැකත්+ එයා කිසි දෙයක් කළේ නැහැ.+ ඒ නිසා මම එයාගේ මුළු පවුලටම දඬුවම් කරනවා කියලා එයාට කියන්න. මං ගත්ත ඒ තීරණය කවදාවත් වෙනස් කරන්නේ නැහැ.
-
-
1 රාජාවලිය 1:5, 6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 ඒ කාලේදී හග්ගිත්ගේ පුතා වුණ අදොනියා+ එයාවම උසස් කරගන්න හැදුවා. එයා කිව්වා “ඊළඟට රජ වෙන්නේ මමයි” කියලා. අදොනියා එයාගේ පාවිච්චියට අශ්ව රථයක් හදාගෙන ඒකට අසරුවන්වයි, එයා ඒකේ යද්දී එයාට ඉස්සරහින් දුවන්න මිනිස්සු 50දෙනෙක්වයි ලෑස්ති කරගත්තා.+ 6 ඒත් එයාගේ තාත්තා කොයිම වෙලාවකවත් “ඇයි ඔයා මේ වගේ දෙයක් කරන්නේ” කියලා එයාගෙන් අහලා එයාව නිවැරදි කළේ නැහැ.* අදොනියාත් හරිම කඩවසම් කෙනෙක්. එයා ඉපදුණේ අබ්සලොම් ඉපදුණාට පස්සේ.
-