-
මතෙව් 21:23-25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 ඔහු දේවමාලිගාවට ගිහින් උගන්වමින් ඉද්දී නායක පූජකයනුයි, වැඩිමහල්ලෝයි ඔහු ළඟට ඇවිල්ලා මෙහෙම ඇහුවා. “මේ දේවල් කරන්න ඔයාට තියෙන අයිතිය මොකක්ද? කවුද ඔයාට මේවා කරන්න අවසර දුන්නේ?”+ 24 එතකොට යේසුස් මෙහෙම කිව්වා. “මමත් ඔයාලාගෙන් දෙයක් අහන්නම්. ඔයාලා ඒකට උත්තර දුන්නොත් මං මේ දේවල් කරන්නේ කාගේ අවසරෙන්ද කියලා කියන්නම්. 25 යොහන් මිනිස්සුන්ව බව්තීස්ම කළේ කාගේ අවසරෙන්ද කියලා මට කියන්න. දෙවියන්ගේද* නැත්නම් මිනිස්සුන්ගේද?” ඒත් එයාලා මෙහෙම කතා වුණා. “අපි ‘දෙවියන්ගේ අවසරෙන්’ කියලා කිව්වොත් එයා අහයි ‘එහෙනම් ඇයි ඔයාලා යොහන්ව විශ්වාස කළේ නැත්තේ’ කියලා.+
-