5 ඔබ මට ජීවත් වෙන්න දෙන්නේ ටික කාලයකට විතරයි.+
මගේ මුළු ආයු කාලයම ඔබට සුළු මොහොතක් වගෙයි.+
මිනිසුන් කොයි තරම් සුරක්ෂිතව හිටියත්
ඔවුන්ගේ ජීවිත නිකම්ම නිකම් හුස්ම පොදක් වගෙයි.+ (සීලාහ්)
6 මිනිසාගේ ජීවිතේ ගෙවිලා යන්නේ සෙවණැල්ලක් වගෙයි.
ඔවුන් නිකරුණේ එහේ මෙහේ දුවනවා.
වස්තු රැස් කළත් ඒවා කාට උරුම වෙයිද කියලවත් ඔවුන් දන්නේ නැහැ.+