13 ඊටපස්සේ කිසි වැඩකට නැති මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා එයාට ඉස්සරහින් ඉඳගත්තා. ඒ දෙන්නා සෙනඟ ඉස්සරහා නාබොත්ට විරුද්ධව මෙහෙම චෝදනා කරන්න පටන්ගත්තා. “නාබොත් දෙවියන්ටයි, රජටයි ශාප කළා.”+ ඊටපස්සේ මිනිස්සු නාබොත්ව නගරයෙන් එළියට අරන් ගිහින් එයාට ගල් ගහලා එයාව මරලා දැම්මා.+