3 ඔහු හුඟක් මිනිසුන්ව විනිශ්චය කරයි.+
දුර ඈත ඉන්න බලවත් ජාතීන්ගේ අඩුපාඩු නිවැරදි කරයි.
ඔවුන් තමන්ගේ කඩුවලින් නගුලුත්
හෙල්ලවලින් දෑකැතිත් හදාගනියි.+
ජාතියක් තව ජාතියකට විරුද්ධව කඩු ඔසවන්නේ නැහැ.
ඔවුන් ආයේ කවදාවත් යුද්ධ කරන්න ඉගෙනගන්නෙත් නැහැ.+
4 ඔවුන් එක් එක් කෙනා තම තමන්ගේ මිදිවැල යටත්
අත්තික්කා ගස යටත් සුවෙන් කල් ගෙවයි.+
කවුරුත් ඔවුන්ව බයගන්වන්නේ නැහැ.+
මොකද ඒ දේ පොරොන්දු වෙලා තියෙන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.