-
2 ලේකම් 32:21ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
21 එතකොට යෙහෝවා දේවදූතයෙක්ව යවලා ඇසිරියාවේ රජගේ කඳවුරේ හිටපු යුද්දෙට දක්ෂ සෙබළු හැමෝවමයි,+ හැම නිලධාරියෙක්වමයි, අධිපතියෙක්වමයි විනාශ කරලා දැම්මා. ඉතින් නින්දාවට පත් වුණ සෙනකෙරිබ් ආපහු එයාගේ දේශයට හැරිලා ගියා. පස්සේ දවසක එයා එයාගේ දෙවියන්ගේ දේවාලේට ගිය වෙලාවේ එයාගෙම පුතාලා එයාට කඩුවෙන් පහර දීලා එයාව මරලා දැම්මා.+
-
-
යෙසායා 37:37, 38ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
37 ඉතින් ඇසිරියාවේ රජ වුණ සෙනකෙරිබ් එතනින් පිටත් වෙලා ආපහු නිනිවයට+ ගිහින් එහෙට වෙලා හිටියා.+ 38 දවසක් එයා එයාගේ දෙවි වුණ නිස්රොක්ගේ දේවාලයේ වැඳ වැටිලා නමස්කාර කරකර ඉද්දී අද්රම්මෙලෙක් සහ ෂරෙෂෙර් කියන එයාගෙම පුතාලා දෙන්නා එයාට කඩුවෙන් පහර දීලා එයාව මරලා දැම්මා.+ ඊටපස්සේ එයාලා අරරත්+ දේශයට පැනලා ගියා. සෙනකෙරිබ්ට පස්සේ එයාගේ පුතා වුණ ඒසර්හද්දොන්+ රජකමට පත් වුණා.
-