-
දානියෙල් 5:7, 8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 රජ කෑගහලා කිව්වා පේන කියන්නන්, කල්දිවරුන්* සහ ජ්යෝතිශ්ශාස්ත්රඥයන්ව+ එතනට ගේන්න කියලා. බැබිලෝනියේ හිටපු උගත් අයට රජ මෙහෙම කිව්වා. “බිත්තියේ ලියලා තියෙන මේ අකුරු කියවලා ඒකේ තේරුම මට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? එහෙම ඉන්නවා නම් මම එයාට දම් පාට ඇඳුමක් අන්දවලා එයාගේ කරට රත්තරන් මාලයක් දාලා+ එයාව රාජ්‍යයේ තුන්වෙනි තැනට පත් කරනවා.”+
8 රජට සේවය කරපු උගත් අය හැමෝම එතනට ආවා. ඒත් එයාලට ඒ අකුරු කියවන්නවත් ඒකේ තේරුම රජට පැහැදිලි කරලා දෙන්නවත් බැරි වුණා.+
-