-
ආමොස් 7:14, 15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 එතකොට ආමොස් අමෂියාට මෙහෙම කිව්වා. “මම අනාගතවක්තෘවරයෙක්වත් අනාගතවක්තෘවරයෙක්ගේ පුතෙක්වත් නෙවෙයි. මම කලින් කළේ රැළේ සත්තු බලාගන්න එක.+ මම අත්තික්කා ගස් බලාගන්න කෙනෙක් විදිහටත් වැඩ කළා.* 15 මං රැළේ සත්තු බලාගෙන ඉද්දී යෙහෝවා මට කතා කරලා කිව්වා ‘දැන් මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් අතරට ගිහින් අනාවැකි කියන්න’+ කියලා. යෙහෝවා දෙවියන් තමයි මට එහෙම කිව්වේ.
-