-
යෙරෙමියා 39:5-7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 ඒත් කල්දිවරුන්ගේ හමුදාව එයාලා පස්සෙන් පන්නගෙන ගිහිල්ලා යෙරිකෝවට කිට්ටුවෙන් තියෙන පාළුකරයේදී ශෙදකියාව අල්ලගත්තා.+ ඊටපස්සේ කල්දිවරුන්ගේ හමුදාව හමාත් දේශයේ+ රිබ්ලාවල+ හිටපු බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* ළඟට එයාව අරගෙන ගියා. රජ එහෙදී ශෙදකියාට ලැබෙන්න ඕනෙ දඬුවම නියම කළා. 6 බැබිලෝනියේ රජ ශෙදකියාගේ පුතාලව එයා ඉස්සරහම රිබ්ලාවලදී මරලා දැම්මා. යූදාවල වංශවත් අයවත් මරලා දැම්මා.+ 7 ඊටපස්සේ බැබිලෝනියේ රජ ශෙදකියාගේ ඇස් අන්ධ කරලා එයාට තඹ විලංගු දාලා එයාව බැබිලෝනියට අරගෙන ගියා.+
-
-
දානියෙල් 5:18, 19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 රජතුමනි, උසස්ම දෙවියන් ඔබේ පියා වුණ නෙබුකද්නෙෂර් රජට රාජ්‍යයත් බලයත් ගෞරවයත් තේජසත් ලබා දුන්නා.+ 19 දෙවියන් ඔහුව බලවත් කරපු නිසා විවිධ ජාතීන්ට අයිති, විවිධ භාෂා කතා කරන ජනයා ඔහු ඉදිරියේ බයෙන් වෙවුලුවා.+ ඔහුට ඕනෙ වුණාම ඕන කෙනෙක්ව මැරුවා. ඔහු කැමති අයට ජීවත් වෙන්න ඉඩ දුන්නා. කැමති අයව උසස් කළා. කෙනෙක්ව පහත් කරන්න ඕනෙ වුණාම ඔහු ඒකත් කළා.+
-