-
මාක් 15:42, 43ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
42 එදා සූදානම් වෙන දවස ඒ කියන්නේ සබත් දවසට කලින් දවස නිසාත් හවස් වෙන්න ළං වෙලා තිබුණ නිසාත් 43 මන්ත්‍රණ සභාවේ ප්‍රසිද්ධ සාමාජිකයෙක් වුණ යෝසෙප් ධෛර්යය අරන් පිලාත් ඉස්සරහට ගිහින් යේසුස්ගේ දේහය තැන්පත් කරන්න අවසර ඉල්ලුවා. අරිමාතිය නගරයේ වැසියෙක් වුණ යෝසෙප් දෙවියන්ගේ රාජ්‍යය ගැන බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක්.+
-
-
ලූක් 23:50-53ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
50 යෝසෙප් කියලා මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙක් හිටියා. එයා යහපත්, ධර්මිෂ්ඨ කෙනෙක්.+ 51 (මන්ත්‍රණ සභාවේ කුමන්ත්‍රණයට සහ එයාලා යේසුස්ට විරුද්ධව කරපු දේවල්වලට එයා එයාගේ කැමැත්ත දීලා තිබුණේ නැහැ.) එයා යුදෙව්වරුන්ගේ නගරයක් වුණ අරිමාතියෙන් ආපු කෙනෙක්. යෝසෙප් දෙවියන්ගේ රාජ්‍යය එන කල් බලාගෙනයි හිටියේ. 52 එයා පිලාත් ඉස්සරහට ගිහින් යේසුස්ගේ දේහය අරගෙන යන්න අවසර ඉල්ලුවා. 53 යෝසෙප් යේසුස්ගේ දේහය කණුවෙන් පහතට අරගෙන+ හොඳම ලිනන් රෙදිවලින් ඒක එතුවා. ඊටපස්සේ පර්වතයක් කපලා හදලා තිබුණ සොහොන් ගේක*+ යේසුස්ගේ දේහය තැන්පත් කළා. ඒ වෙනකොට කිසිම කෙනෙක්ව ඒ සොහොන් ගේ තැන්පත් කරලා තිබුණේ නැහැ.
-