-
මතෙව් 8:30-33ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
30 එයාලා හිටපු තැනට සෑහෙන ඈතක තිබුණ තණබිමක විශාල ඌරු රැළක් කෑම කකා හිටියා.+ 31 ඉතින් භූතයෝ බැගෑපත් වෙලා යේසුස්ගෙන් මෙහෙම ඉල්ලුවා. “ඔබ අපිව එළවනවා නම් අර ඌරු රැළට වැහෙන්න අපිට ඉඩ දෙන්න.”+ 32 ඔහු “යන්න” කියලා එයාලට කිව්වා. එතකොට භූතයෝ ඒ මිනිස්සුන්ගෙන් එළියට ඇවිත් ඌරන්ට වැහුණා. ඒත් එක්කම මුළු ඌරු රැළම වේගයෙන් දුවගෙන ගිහින් කන්දෙන්* පහළ තිබුණ මුහුදට වැටිලා මැරුණා. 33 ඒ රැළ බලාගත්ත අය නුවරට දුවගෙන ගිහින් භූතයන් වැහුණු මිනිස්සුන්ට වුණ දේයි, අනිත් හැම දෙයක්මයි නුවරේ හිටපු අයට කිව්වා.
-
-
ලූක් 8:32-34ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
32 ඒ වෙලාවේ කන්ද උඩ ඌරු රැළක්+ කෑම කකා හිටියා. ඉතින් ඒ භූතයෝ උන්ට වැහෙන්න ඉඩ දෙන්න කියලා යේසුස්ගෙන් බැගෑපත් වෙලා ඉල්ලුවා. යේසුස් ඒකට ඉඩ දුන්නා.+ 33 ඉතින් භූතයෝ ඒ කෙනාගෙන් එළියට ඇවිල්ලා ඌරු රැළට වැහුණා. උන් වේගයෙන් දුවගෙන ගිහින් කන්දෙන්* පහළ තිබුණ මුහුදට වැටිලා ගිලිලා මැරුණා. 34 ඒක දැක්කාම ඒ රැළ බලාගත්ත අය දුවගෙන ගිහින් සිද්ධ වුණ දේ ගැන නගරයේ සහ ඒ අවට හිටපු මිනිස්සුන්ට දැනුම් දුන්නා.
-