-
මතෙව් 8:30-34ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
30 එයාලා හිටපු තැනට සෑහෙන ඈතක තිබුණ තණබිමක විශාල ඌරු රැළක් කෑම කකා හිටියා.+ 31 ඉතින් භූතයෝ බැගෑපත් වෙලා යේසුස්ගෙන් මෙහෙම ඉල්ලුවා. “ඔබ අපිව එළවනවා නම් අර ඌරු රැළට වැහෙන්න අපිට ඉඩ දෙන්න.”+ 32 ඔහු “යන්න” කියලා එයාලට කිව්වා. එතකොට භූතයෝ ඒ මිනිස්සුන්ගෙන් එළියට ඇවිත් ඌරන්ට වැහුණා. ඒත් එක්කම මුළු ඌරු රැළම වේගයෙන් දුවගෙන ගිහින් කන්දෙන්* පහළ තිබුණ මුහුදට වැටිලා මැරුණා. 33 ඒ රැළ බලාගත්ත අය නුවරට දුවගෙන ගිහින් භූතයන් වැහුණු මිනිස්සුන්ට වුණ දේයි, අනිත් හැම දෙයක්මයි නුවරේ හිටපු අයට කිව්වා. 34 එතකොට ඒ නුවරේ හිටිය හැමෝම යේසුස්ව හම්බ වෙන්න ඇවිත් ඉක්මනින්ම එයාලාගේ පළාතෙන් පිට වෙලා යන්න කියලා ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලුවා.+
-
-
මාක් 5:11-17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 ඔය අතරේ විශාල ඌරු රැළක්+ කන්දක කෑම කකා හිටියා.+ 12 ඉතින් ඒ භූතයෝ “අර ඌරු රැළට වැහෙන්න අපිට ඉඩ දෙන්න” කියලා යේසුස්ට බැගෑපත් වුණා. 13 ඔහු එයාලට එහෙම කරන්න ඉඩ දුන්නා. ඉතින් ඒ භූතයෝ මනුස්සයාගෙන් එළියට ඇවිල්ලා ඌරු රැළට වැහුණා. ඒ රැළේ ඌරෝ 2,000ක් විතර හිටියා. උන් වේගයෙන් දුවගෙන ගිහින් කන්දෙන් පහළ තිබුණ මුහුදට වැටිලා ගිලිලා මැරුණා. 14 එතකොට ඒ රැළ බලාගත්ත අය දුවගෙන ගිහින් සිද්ධ වුණ දේ ගැන නගරයේ සහ ඒ අවට හිටපු මිනිස්සුන්ට දැනුම් දුන්නා. ඉතින් ඒක බලන්න මිනිස්සු ආවා.+ 15 එයාලා යේසුස් ළඟට ආවාම භූතයන් සේනාංකය වැහිලා හිටපු මනුස්සයා ඇඳුම් ඇඳගෙන හොඳ සිහිකල්පනාවෙන් ඉඳගෙන ඉන්නවා දැක්කා. ඒක දැකලා එයාලා හොඳටම බය වුණා. 16 ඒ සිද්ධිය දැක්ක අය භූතයෙක් වැහිලා හිටපු මනුස්සයා හොඳ වුණ විදිහත් ඌරන්ට වෙච්ච දේත් එයාලට කිව්වා. 17 ඉතින් ඒ මිනිස්සු යේසුස්ගෙන් බැගෑපත්ව ඉල්ලුවා එයාලාගේ ප්රදේශයෙන් පිටත් වෙලා යන්න කියලා.+
-