-
මාක් 15:40, 41ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
40 දුරක ඉඳන් ස්ත්රීන් පිරිසකුත් බලාගෙනයි හිටියේ. එයාලා අතරේ මරියා මග්දලේනායි, පොඩි* යාකොබ්ගේ සහ යෝසෙස්ගේ අම්මා වුණ මරියායි, සලෝමියි හිටියා.+ 41 ඒ ස්ත්රීන් තමයි යේසුස් ගලීලයේ ඉද්දී ඔහුත් එක්ක තැනින් තැනට ගිහින් ඔහුට උදව් උපකාර කළේ.+ එයාලට අමතරව යේසුස් එක්ක යෙරුසලමට ආපු ගොඩක් ස්ත්රීනුත් එතනට ඇවිත් හිටියා.
-
-
ලූක් 8:2, 3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 භූතයන්ගෙන් නිදහස ලබපු සහ අසනීපවලින් සුවය ලබපු කාන්තාවන් කීපදෙනෙකුත් ඔහුත් එක්ක ගියා. ඒ අය අතරේ භූතයන් හත්දෙනෙක්ගෙන් නිදහස ලබපු මග්දලේනා කියන නමින් හඳුන්වපු මරියාත් 3 හෙරොද්ගේ වැඩ භාරව හිටපු නිලධාරියා වුණ කූසාගේ බිරිඳ යොවානාත්+ සුසෑනාත් තවත් හුඟදෙනෙකුත් හිටියා. ඒ කාන්තාවන් එයාලට අයිති දේවල් පාවිච්චි කරලා යේසුස්ට සහ ඔහුගේ ගෝලයන්ට උදව් කළා.+
-