-
2 කොරින්ති 11:23-26ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 එයාලා ක්රිස්තුස්ගේ සේවකයන්ද? පිස්සු හැදුණ කෙනෙක් වගේ මං කෑගහලා කියන්නේ මං එයාලට වඩා කැපීපේන විදිහට ක්රිස්තුස්ගේ සේවකයෙක් කියලා ඔප්පු කරලා තියෙනවා කියලා. මං එයාලට වඩා වැඩියෙන් සේවය කරලා තියෙනවා.+ එයාලට වඩා වැඩි වාර ගාණක් හිරේ ඉඳලා තියෙනවා.+ ගණන් කරන්න බැරි තරමට ගුටි කාලා තියෙනවා. මරණය ළඟටම ගිය අවස්ථා සෑහෙන්න තියෙනවා.+ 24 පහරවල් 39 ගාණේ මං පස් වතාවක් යුදෙව්වන් අතින් පහර කෑවා.+ 25 තුන් පාරක් මං කෝටුවලින් ගුටි කෑවා.+ එක පාරක් මට ගල් ගැහුවා.+ මං ගිය නැව් තුන් වතාවක්ම මුහුදුබත් වුණා.+ මම මහ මුහුදේ මුළු රැයකුත් දවාලකුත් හිටියා. 26 මම නිතරම දුර ගමන් ගියා. මං ගංගා හරහා යද්දී එන දුෂ්කරතාවලට, මංකොල්ලකාරයන්ගේ අනතුරුවලට, මගේම සෙනඟගෙන් ආපු කරදරවලට,+ වෙනත් ජාතීන්ට අයිති අයගෙන් ආපු කරදරවලට+ මූණ දුන්නා. නගරවලදීත්+ පාළු පැතිවලදීත් මුහුදේදීත් වෙන අනතුරුවලට මූණ දෙන්න මට සිද්ධ වුණා. සහෝදරයන් කියලා මවාපාන අයගෙන් ආපු ප්රශ්නවලටත් මං මූණ දුන්නා.
-