-
උත්පත්ති 24:2, 3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 ආබ්‍රහම් එයාගේ ගෙදර හැම දෙයක්ම බලාගත්ත, වයසින් වැඩිම සේවකයාට+ කතා කරලා මෙහෙම කිව්වා. “අනේ, ඔයාගේ අත මගේ කළවය යටින් තියලා 3 දිවුරලා මේ පොරොන්දුව දෙන්න. මං ඉන්න කානානිවරුන්ට අයිති මේ දේශයේ ගැහැනු ළමයි අතරින් මගේ පුතාට බිරිඳක් ගේන්නේ නෑ+ කියලා ස්වර්ගයෙත් පොළොවෙත් දෙවි වන යෙහෝවාගේ නාමයෙන් මට දිවුරලා පොරොන්දු වෙන්න.
-
-
ද්විතීය කතාව 7:3, 4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 එයාලා එක්ක විවාහ ගිවිසුම් ඇති කරගන්නත් එපා. ඔයාලාගේ දුවලව එයාලාගේ පුතාලට විවාහ කරලා දෙන්න එපා. ඔයාලාගේ පුතාලට එයාලාගේ දුවලව විවාහ කරලා දෙන්නත් එපා.+ 4 ඒ වගේ දේකට ඉඩ දුන්නොත් එයාලා ඔයාලාගේ දරුවන්ව දෙවියන්ගෙන් ඈත් කරයි. එතකොට එයාලා වෙනත් දෙවිවරුන්ට වන්දනාමාන කරන්න පටන්ගනියි.+ එහෙම වුණොත් යෙහෝවාට ඔයාලා එක්ක ගොඩක් කේන්ති යයි. ඔහු හිතහිත ඉන්නේ නැතුව ඔයාලව විනාශ කරලා දායි.+
-
-
නෙහෙමියා 13:25, 26ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 මං ඒ යුදෙව්වන්ට දොස් කියලා තදින්ම අවවාද කළා. එයාලාගෙන් සමහරදෙනෙක්ට පහර දීලා+ එයාලාගේ කෙස් උගුල්ලලා දැම්මා. ඊටපස්සේ එයාලා වෙනත් ජාතීන් එක්ක විවාහ වෙන්නේ නැහැ කියලත් එයාලාගේ දුවලා පුතාලව වෙනත් ජාතීන්ට විවාහ කරලා දෙන්නේ නැහැ+ කියලත් දිවුරලා පොරොන්දු වෙන්න කියලා මං එයාලට කිව්වා. 26 මං එයාලට මෙහෙමත් කිව්වා. “ඊශ්‍රායෙල්වරුන්ගේ රජු වුණ සලමොන්ට වෙච්ච දේ ඔයාලට මතක නැද්ද? වෙන කිසිම ජාතියක එයා වගේ රජ කෙනෙක් හිටියේ නැහැ.+ එයාගේ දෙවියන් එයාට ගොඩක් ආදරේ කළා.+ දෙවියන් එයාව මුළු ඊශ්‍රායෙල් ජාතියේම රජු විදිහට පත් කළේ ඒ නිසයි. ඒත් එයාගේ විදේශික භාර්යාවන්ගේ බලපෑම නිසා එයා දෙවියන්ට විරුද්ධව වැඩ කළා.+
-