-
1 කොරින්ති 9:16, 17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 මම ශුභාරංචිය දේශනා කරනවා නම් ආඩම්බර වෙන්න ඒක මට හේතුවක් නෙමෙයි. මොකද ඒක කරන්න මම බැඳිලා ඉන්නවා. ඇත්තටම මම ශුභාරංචිය දේශනා කරන්නේ නැත්නම් ඒකෙන් මට වෙන්නේ කොච්චර නරකක්ද!+ 17 මං මුළු හදවතින්ම ඒක කළොත් මට තෑග්ගක් ලැබෙයි. මං ඒක කරන්නේ කරන්නන් වාලේ වුණත් මං ඒක කරන්න ඕනේ. මොකද ඒ වැඩේ කරන්න මාව පත් කරලයි තියෙන්නේ.+
-
-
කොලොස්සි 1:25, 26ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 මං සභාව වෙනුවෙන් සේවය කරන්න පටන්ගත්තේ දෙවියන් විශ්වාසයෙන් ඒ වගකීම මට භාර දුන්න නිසයි.+ දෙවියන් ඒක මට භාර දුන්නේ ඔයාලාගේ ප්රයෝජනය වෙනුවෙන්. දෙවියන්ගේ පණිවිඩය දේශනා කරන එක වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දේම මං කරන්නේ ඒ නිසයි. 26 පහුගිය කාලවලදී* පරම්පරා ගාණකට හෙළි කරපු නැති+ පරිශුද්ධ රහස+ ගැන තමයි මං දේශනා කළේ. ඒත් දැන් ඒක දෙවියන්ගේ ශුද්ධ තැනැත්තන්ට හෙළි කරලා තියෙනවා.+
-