යෙසායා
64 ඔබ අහස දෙබෑ කරලා පොළොවට ආවා නම්,
ඔබ ඉදිරියේ කඳු දෙදරුම් කයි.
2 ඔබ කැලෑව අවුළුවන ගින්නක් වගෙත්
වතුර උතුරුවන ගින්නක් වගෙත් ආවා නම්,
ඔබේ නාමය ගැන ඔබේ සතුරන් දැනගනියි.
ජාතීන් ඔබ ඉදිරියේ බයෙන් වෙවුලයි.
4 ඔබ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න* අය වෙනුවෙන් පියවර ගන්න,+
ඔබ වගේ දෙවි කෙනෙක් ගැන අතීතයේ ඉඳලා මේ වෙන කල්
කිසිම කෙනෙක් අහලවත් දැකලවත් තේරුම් අරගෙනවත් නැහැ.
ඒත් අපි දිගටම වැරදි කරපු නිසා ඔබට අපි එක්ක ගොඩක් කේන්ති ගියා.+
අපි සෑහෙන කාලයක් එහෙම කළා.
ඉතින් අපි ගැලවීම ලබන්න වටිනවාද?
අපි හැමෝම ගහක කොළයක් වගේ වේළිලා යනවා.
අපේ වැරදි හුළඟ වගේ අපිව ඈතට අරන් යනවා.
7 ඔබේ නාමයට කන්නලව් කරන කවුරුත් නැහැ.
ඔබේ උදව් ලබාගන්න කිසිම කෙනෙක් උත්සාහ කරන්නේ නැහැ.
මොකද ඔබ ඔබේ මූණ අපෙන් අහකට හරවගත්තා.+
අපේ වැරදි නිසා ඔබ අපිව වැහැරිලා* යන්න සැලැස්සුවා.
8 යෙහෝවා දෙවියනි, ඔබයි අපේ පියාණන්.+
අනේ, අපි දිහා බලන්න. අපි හැමෝම ඔබේ සෙනඟ කියලා අමතක කරන්න එපා.
10 ඔබේ ශුද්ධ නගර පාළුකරයක් වෙලා.
සියොන් පාළුකරයක් වෙලා.
යෙරුසලම පාළුවට ගිය තැනක් වෙලා.+
11 අපේ පියවරු ඔබට ප්රශංසා කරපු අපේ ශුද්ධ ගෘහය,
අපේ තේජවත් මාලිගාව ගිනිබත් කරලා.+
අපි වටින දේවල් විදිහට සලකපු හැම දෙයක්ම නටබුන් වෙලා.
12 යෙහෝවා දෙවියනි, එච්චර දෙයක් වෙලා තියෙද්දීත් ඔබ මුකුත් නොකර බලාගෙන ඉන්නවාද?
අපිට මේ තරම් දුක් විඳින්න ඉඩ දීලා ඔබ නිහඬව බලාගෙන ඉන්නවාද?+