දෙවෙනි සාමුවෙල්
21 දාවිත් පාලනය කරපු කාලයේදී සාගතයක්+ ඇති වුණා. ඒ සාගතය අවුරුදු තුනක් එක දිගටම තිබුණා. දාවිත් යෙහෝවා දෙවියන්ගෙන් ඒ ගැන ඇහුවාම යෙහෝවා එයාට මෙහෙම කිව්වා. “මේ විපත වෙලා තියෙන්නේ සාවුල් නිසයි. සාවුල් ගිබියොන්වරුන්ව මරලා දැම්ම නිසා+ ඒ අයගේ ලේවලට වග කියන්න ඕනෙ එයායි, එයාගේ පවුලේ අයයි.” 2 ඊටපස්සේ රජ ගිබියොන්වරුන්ට+ එන්න කියලා එයාලා එක්ක ඒ ගැන කතා කළා. (ගිබියොන්වරු ඊශ්‍රායෙල් ජාතිකයන් නෙමෙයි. එයාලා දේශයේ ඉතුරු වෙලා හිටපු අමෝරිවරුන්ගෙන් කොටසක්.+ එයාලව විනාශ කරන්නේ නැහැ කියලා ඊශ්‍රායෙල්වරු එයාලට දිවුරලා පොරොන්දු වෙලයි තිබුණේ.+ ඒත් සාවුල්ට ඕනෙ වුණේ මොන දේ කරලා හරි ඊශ්‍රායෙල් සහ යූදා සෙනඟව ආරක්ෂා කරන්න. ඒ නිසා සාවුල් ගිබියොන්වරුන්ව නැති කරලා දාන්න හැදුවා.) 3 ගිබියොන්වරුන්ගෙන් දාවිත් මෙහෙම ඇහුවා. “මම කොහොමද මේ වරදට වන්දි ගෙවන්නේ? මම ඔයාලා වෙනුවෙන් මොනවා කළොත්ද ඔයාලා යෙහෝවා දෙවියන්ගේ සෙනඟට ආශීර්වාද කරන්නේ?” 4 එතකොට ගිබියොන්වරු දාවිත්ට මෙහෙම කිව්වා. “සාවුල් එක්කයි, එයාගේ පවුලේ අය එක්කයි අපිට තියෙන මේ ප්‍රශ්නේ රන් රිදී දීලා විසඳගන්න පුළුවන් එකක් නෙමෙයි.+ අනික ඊශ්‍රායෙල් දේශයේ ඉන්න කාවවත් මරන්න අපිට අයිතියක් නැහැ.” ඒක අහලා දාවිත් එයාලට කිව්වා “ඔයාලා කියන ඕනෙම දෙයක් මම කරන්නම්” කියලා. 5 එතකොට එයාලා රජට මෙහෙම කිව්වා. “අපිව ඊශ්‍රායෙල් දේශයෙන් නැත්තටම නැති කරලා දාන්න කුමන්ත්‍රණය කරපු කෙනාගේ+ 6 පුතාලා හත්දෙනෙක්ව අපිට භාර දෙන්න. අපි එයාලව මරලා යෙහෝවා ඉස්සරහා එයාලාගේ මළ සිරුරු එල්ලනවා.+ යෙහෝවා කලින් රජ විදිහට තෝරගෙන තිබුණ+ සාවුල්ගේ නගරය වන ගිබෙයාවල+ අපි එයාලාගේ මළ සිරුරු එල්ලනවා.” එතකොට රජ “මම එයාලව භාර දෙන්නම්” කියලා ඒ අයට කිව්වා.
7 ඒත් දාවිත් රජ, යොනාතාන්ගේ පුතා වුණ මෙෆිබොෂෙත්ට+ අනුකම්පා කළා. ඒ, දාවිත් සාවුල්ගේ පුතා වුණ යොනාතාන්+ එක්ක යෙහෝවා ඉස්සරහා ගිවිසුමක් ඇති කරගෙන තිබුණ නිසයි. 8 ඉතින් රජ, සාවුල්ගේ පුතාලා දෙන්නෙක් වන ආර්මෝනිව සහ මෙෆිබොෂෙත්ව එයාලට භාර දුන්නා. එයාලාගේ අම්මා ආයාගේ දුව වුණ රිෂ්පා.+ ඒ වගේම මෙහෝලාවල* ජීවත් වුණ බාසිල්ලයිගේ පුතා වන අද්රියෙල්ගේ+ සහ සාවුල්ගේ දුව වන මීකල්ගේ*+ පුතාලා පස්දෙනාවත් 9 එයාලට භාර දුන්නා. ගිබියොන්වරු එයාලව මරලා ඒ මළ සිරුරු කන්ද උඩදී යෙහෝවා දෙවියන් ඉස්සරහා එල්ලුවා.+ එයාලා ඒ හත්දෙනාවම එකම දවසේ මැරුවා. එයාලව මැරුවේ අස්වැන්න නෙළන්න පටන්ගත්ත කාලයෙදියි. ඒ වෙද්දී බාර්ලි අස්වැන්න නෙළන්න පටන් අරගෙනයි තිබුණේ. 10 ආයාගේ දුව වුණ රිෂ්පා+ කන්ද උඩ ගෝණි රෙදි එළලා එතනට වෙලා හිටියා. එයා අස්වැන්න නෙළන්න පටන්ගත්ත දවසේ ඉඳන් වැහි කාලය වෙන කල්ම එතනට වෙලා හිටියා. එයා දවල්ට කුරුල්ලන්ටවත් රෑට වනසත්තුන්ටවත් එයාලාගේ මළ සිරුරු ළඟට එන්න දුන්නේ නැහැ.
11 සාවුල්ගේ උපභාර්යාව වුණ ආයාගේ දුව වන රිෂ්පා කරපු දේ දාවිත්ට ආරංචි වුණා. 12 පස්සේ දාවිත් සාවුල්ගේ සහ එයාගේ පුතා වුණ යොනාතාන්ගේ ඇටකටු යාබෙෂ්ගිලියද්වල+ අධිපතීන්ගෙන් ඉල්ලගත්තා. පිලිස්තිවරු ගිල්බෝවාවලදී+ සාවුල්ට පහර දුන්න දවසේ සාවුල්ගේ සහ යොනාතාන්ගේ මළ සිරුරු බෙත්ෂාන්වල ප්‍රසිද්ධියේ එල්ලලා තිබුණා. යාබෙෂ්ගිලියද්වල අධිපතීන් බෙත්ෂාන්වලට ගිහින් එයාලාගේ මළ සිරුරු හොර රහසේ එයාලාගේ නගරයට ගෙනල්ලා තිබුණා. 13 දාවිත් එහේ තිබුණ සාවුල්ගේ සහ යොනාතාන්ගේ ඇටකටු අරන් ආවා. ඒ වගේම ගිබියොන්වරු මරලා එල්ලපු මිනිසුන්ගේ+ ඇටකටුත් දාවිත්ගේ සේවකයන් එකතු කරගත්තා. 14 ඊටපස්සේ එයාලා සාවුල්ගේ සහ යොනාතාන්ගේ ඇටකටු සාවුල්ගේ තාත්තා වුණ කිෂ්ගේ+ සොහොනේ තැන්පත් කළා. ඒ සොහොන තිබුණේ බෙන්ජමින්වරුන්ගේ පළාතට අයිති ෂේලා+ කියන නගරයේ. රජ අණ කරපු හැම දෙයක්ම කළාට පස්සේ සෙනඟ දේශය වෙනුවෙන් කරපු කන්නලව්වලට දෙවියන් ඇහුම්කන් දුන්නා.+
15 පිලිස්තිවරු ආයෙත් වතාවක් ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කරන්න ආවා.+ දාවිත් රජයි, එයාගේ සේවකයෝයි පිලිස්තිවරු ඉස්සරහට ගිහින් සටන් කළා. සටන අතරතුරේ දාවිත්ට ලොකු මහන්සියක් දැනුණා. 16 ඒ වෙලාවේ රෙෆායිවරුන්ගෙන්+ පැවතෙන කෙනෙක් වුණ ඉෂ්බිබෙනොබ් දාවිත්ව මරන්න හැදුවා. තඹවලින් හදපු එයාගේ හෙල්ලය ෂෙකෙල් 300ක්*+ බරයි. එයා ළඟ අලුත් කඩුවකුත් තිබුණා. 17 ෂෙරුයියාගේ පුතා වුණ අබිෂයි+ එවෙලේම දාවිත්ගේ උදව්වට ඇවිත්+ ඒ පිලිස්තියාව මරලා දැම්මා. එතකොට දාවිත්ගේ සේවකයෝ දාවිත්ට මෙහෙම කිව්වා.* “ඔබ අපි එක්ක ආයෙත් යුද්ධවලට එන්න එපා.+ මොකද ඊශ්‍රායෙල්වල පහන නිවෙන්න ඉඩ දෙන්න බැහැ!”+
18 ගොබ්වලදී පිලිස්තිවරුන්+ එක්ක ආයෙත් වතාවක් යුද්ධයක් ඇති වුණා. හූෂා කියන නගරයෙන් ආපු* සිබ්බෙකයි,+ රෙෆායිවරුන්ගෙන්+ පැවතෙන කෙනෙක් වුණ සාෆ්ව මරලා දැම්මේ ඒ යුද්ධයෙදියි.
19 ගොබ්වලදී පිලිස්තිවරුන්ට විරුද්ධව තවත් යුද්ධයක් ඇති වුණා.+ ඒ යුද්ධයේදී බෙත්ලෙහෙම්වල ජීවත් වුණ යයරේඔරෙගීම්ගේ පුතා වන එල්හානාන්, ගාත්වල ඉඳලා ආපු ගොලියත්ව මරලා දැම්මා. ගොලියත්ගේ හෙල්ලයේ මිට හරියට රෙදි වියන්න පාවිච්චි කරන පොල්ලක් වගෙයි.+
20 ඊටපස්සේ ගාත්වලත් යුද්ධයක් ඇති වුණා. අත්වල සහ කකුල්වල ඇඟිලි 6 ගාණේ ඒ කියන්නේ ඇඟිලි 24ක් තිබුණ යෝධයෙක් එහේ හිටියා. එයාත් රෙෆායිවරුන්ගෙන් පැවතෙන කෙනෙක්.+ 21 එයා ඊශ්‍රායෙල්වරුන්ට හුඟක් නින්දා අපහාස කළා.+ අන්තිමේදී දාවිත්ගේ සහෝදරයා වුණ ෂිමෙයිගේ+ පුතා වන යොනාතාන් එයාව මරලා දැම්මා.
22 ඒ හතරදෙනා ගාත්වල හිටපු රෙෆායිවරුන්ගෙන් පැවතෙන අය. එයාලා දාවිත් සහ එයාගේ සේවකයන්ගේ අතින් මැරුම් කෑවා.+