ගීතාවලිය
2 පොළොව විනිශ්චය කරන තැනැත්තාණෙනි, නැඟී ඉඳලා+
උඩඟු අයට ලැබෙන්න ඕනෙ දඬුවම දෙන්න.+
4 ඔවුන් අහංකාර විදිහට තොරතෝංචියක් නැතුව දොඩවනවා.
දුෂ්ට වැඩ කරන හැමෝම තමන් ගැනම මහ ඉහළින් කතා කරනවා.
6 වැන්දඹුවන්වත් විදේශිකයන්වත් ඔවුන් මරලා දානවා.
පියා නැති දරුවන්වත් විනාශ කරලා දානවා.
7 “යාහ්ට* අපි කරන දේවල් පේන්නේ නැහැ.+
යාකොබ්ගේ දෙවියන්ට මේ දේවල් ගැන කිසි ගාණක් නැහැ”+ කියලා ඔවුන් කියනවා.
9 කන හදපු කෙනාට ඇහෙන්නේ නැහැ කියලා හිතුවාද?
ඇහැ හදපු කෙනාට පේන්නේ නැහැ කියලා හිතුවාද?+
මිනිසුන්ට දැනුම ලබා දෙන්නේ ඔහුයි.+
12 යාහ් දෙවියනි, ඔබෙන් හික්මවීම් ලබන තැනැත්තා සන්තෝෂවත්.+
ඔබේ නීතිය ගැන ඔබෙන් ඉගෙනගන්න කෙනා ඉන්නේ සතුටින්.+
13 විපත්ති දවස්වලදීත් සන්සුන්ව ඉන්න ඔබ ඔහුට උගන්වනවා.
දුෂ්ටයන්ව ඇදලා දාන්න වළක් හාරන කල් ඔබ එහෙම කරනවා.+
15 ධර්මිෂ්ඨව විනිශ්චය කරන කාලයක් ආයෙත් එනවා.
අවංක සිත් තියෙන හැමෝම ඒ විනිශ්චයන්වලට එකඟව ජීවත් වෙනවා.
16 මං වෙනුවෙන් දුෂ්ටයන් එක්ක සටන් කරන්නේ කවුද?
නපුරු දේවල් කරන අයට විරුද්ධව නැඟී ඉන්න මට උදව් කරන්නේ කවුද?
18 “මගේ පය ලිස්සන්නයි යන්නේ” කියලා මං ඔබට කිව්වාම
යෙහෝවා දෙවියනි, ඔබේ නොසැලෙන ආදරය නිසා ඔබ මට වැටෙන්න දුන්නේ නැහැ.+
ඔවුන් පිටටම ගෙනත් ඔවුන්ව විනාශ කරනවා.*
අපේ දෙවි යෙහෝවා අනිවාර්යයෙන්ම ඔවුන්ව විනාශ කරනවා.+