දෙවෙනි තෙසලෝනික
2 ඒත් සහෝදරයෙනි, අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පැමිණෙන කාලය*+ ගැනත් අපිව ඔහු ළඟට රැස් කරන එක+ ගැනත් අපි ඔයාලට දෙයක් කියන්න කැමතියි. 2 යෙහෝවා* දෙවියන්ගේ දවස+ දැනටමත් පටන් අරන් කියලා කවුරු හරි ඔයාලට කිව්වොත් ඔයාලාගේ මනස අවුල් කරගන්න එපා.+ ඒ පණිවිඩය දෙවියන්ගෙන්* ලැබුණු එකක් කියලා හරි ඒක අපි කිව්ව දෙයක් කියලා හරි අපි එවපු ලියුමක තියෙන දෙයක් කියලා හරි එයාලා කිව්වොත් කලබල වෙන්න එපා.
3 කොයිම විදිහකින්වත් ඔයාලව රවට්ටන්න කාටවත් ඉඩ දෙන්න එපා. මොකද ඒ දවස එන්න කලින් දෙවියන්ට විරුද්ධව කරන කැරැල්ල* පටන්ගන්න ඕනේ.+ ඒ වගේම නීතියට විරුද්ධව වැඩ කරන මිනිසා,+ ඒ කියන්නේ විනාශයට නියම කරලා තියෙන කෙනා+ කවුද කියලත් හෙළි වෙන්න ඕනේ. 4 එයා සතුරෙක්. දෙවි කෙනෙක් විදිහට සලකන ඕනෙම කෙනෙක්ටත් මිනිස්සු නමස්කාර කරන ඕනෙම දේකටත් වඩා එයා තමන්වම උසස් කරගන්නවා. ඒ නිසා එයා දෙවියන්ගේ මාලිගාවේ ඉඳගෙන තමන් දෙවි කෙනෙක් කියලා හැමෝටම පෙන්නන්න හදනවා. 5 මං ඔයාලා එක්ක ඉද්දීත් ඒ දේවල් ගැන කිව්වා ඔයාලට මතක ඇති.
6 ඉතින් දැන් ඔයාලා දන්නවා ඒ මිනිසාට එළිපිටම දේවල් කරන්න ඉඩ දෙන්නේ නැත්තේ කවුද කියලා. එයාට එහෙම කරන්න ඉඩ දෙන්නේ නැත්තේ එයා කවුද කියලා හෙළි වෙන්න නියමිත කාලයක් තියෙන නිසයි. 7 ඇත්ත, නීතියට විරුද්ධව වැඩ කරන කෙනා දැනටමත් එයාගේ දුෂ්ට වැඩ පටන් අරගෙනයි තියෙන්නේ.+ ඒත් එයා කරන දේවල් තාමත් අභිරහසක්. හැබැයි එයාට එළිපිට වැඩ කරන්න ඉඩ නොදෙන අය නැති වුණාට පස්සේ ඒ අභිරහස හෙළි වෙයි. 8 ඊටපස්සේ නීතියට විරුද්ධව වැඩ කරන ඒ කෙනා කවුද කියලා හෙළි වෙයි. ස්වාමීන් වන යේසුස් හැමෝටම පැහැදිලිව පේන්න+ පැමිණෙන කාලයේදී* ඔහුගේ මුවින් පිට කරන බලයෙන් එයාව නැත්තටම නැති කරලා දානවා.+ 9 නීතියට විරුද්ධව වැඩ කරන කෙනා දේවල් කරන්නේ සාතන්ගේ උදව්වෙන්.+ ඒ කෙනා හුඟක් බලවත් දේවල් කරනවා. පුදුම දේවල් කරලා, ලකුණු පෙන්නලා මිනිස්සුන්ව රවට්ටනවා.+ 10 එයාට කරන්න පුළුවන් හැම අධර්මිෂ්ඨ දෙයක්ම කරලා මිනිස්සුන්ව නොමඟ යවනවා.+ එයාට රැවටෙන්නේ විනාශ වෙන්න නියමිත අය. එයාලා විනාශ වෙන්නේ එයාලාගේ ජීවිත ගලවන්න උදව් වෙන සත්‍ය ඉගැන්වීම් එයාලා මුළු හිතින්ම පිළිගත්තේ නැති නිසයි. 11 ඉතින් බොරුව ඇත්තක් විදිහට දැකලා* ඒක විශ්වාස කරන්න දෙවියනුත් එයාලට ඉඩහරිනවා.+ 12 ඔහු එහෙම කරන්නේ සත්‍ය ඉගැන්වීම් විශ්වාස කරන්නේ නැති, අධර්මිෂ්ඨ දේවල්වලින් සතුටක් ලබන ඒ හැමෝටම විනිශ්චයක් ලබා දෙන්න ඕනෙ නිසයි.
13 සහෝදරයෙනි, ඔයාලා ගැන නම් නිතරම දෙවියන්ට ස්තුති කරන්න අපි බැඳිලා ඉන්නවා. මොකද යෙහෝවා* ඔයාලට හුඟක් ආදරෙයි. ඔහු මුල ඉඳන්ම ගැලවීම ලබා දෙන්න ඔයාලව තෝරගත්තා.+ දෙවියන්ට එහෙම කරන්න පුළුවන් වුණේ ඔහුගේ බලයෙන් ඔයාලව ශුද්ධ අය විදිහට වෙන් කරලා තියෙන නිසයි.+ ඒ වගේම ඔයාලා සත්‍ය ඉගැන්වීම් විශ්වාස කරපු නිසයි. 14 අපි දේශනා කරන ශුභාරංචිය මාර්ගයෙන් දෙවියන් ගැලවීම ලබා දෙන්න ඔයාලව තෝරගත්තා. ඒ, අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ තේජස ඔයාලටත් ලබාගන්න පුළුවන් වෙන්නයි.+ 15 ඉතින් සහෝදරයෙනි, නොසැලී ස්ථිරව ඉඳලා+ ඔයාලට උගන්වපු දේවල්වලට තදින් ඇලිලා ඉන්න.+ ඒවා ඔයාලට කියපු දෙයක් වෙන්නත් පුළුවන්, ලියුමකින් අපි ලියලා එවපු දෙයක් වෙන්නත් පුළුවන්. 16 අපිට ආදරේ කරන අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් සහ අපේ තාත්තා වන දෙවියන්+ අපිට මහත් කරුණාවක් පෙන්නලා සදාකාල සැනසිල්ලක් වගේම ලස්සන බලාපොරොත්තුවකුත්+ දීලා තියෙනවා. 17 ඒ දෙන්නාගෙන් ඔයාලාගේ හිතට සැනසීමක් ලැබෙන්න කියලා අපි පතනවා. හැම යහපත් දෙයක්ම කියන්න, කරන්න දිගටම ඒ දෙන්නාගෙන් ඔයාලට ශක්තිය ලැබෙන්න කියලත් අපි පතනවා.