මලාකි
4 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “බලන්න! ඒ දවස එනවා. ඒක හරියට දැවෙන ගිනි උදුනක් වගේ.+ ඒ දවසේදී අහංකාරකමින් ඉදිමිලා ඉන්න හැමෝමත් දුෂ්ටකම් කරන හැමෝමත් පිදුරු වගේ පිච්චිලා යයි. ඒ දවසේදී එයාලා විනාශ වෙලාම යයි. ගහේ මුල්වත් අතුවත් එයාලට ඉතුරු වෙන්නේ නැහැ. 2 ඒත් මගේ නමට ගෞරව කරන* ඔයාලා ඉස්සරහා ධර්මිෂ්ඨකම කියන හිරු උදා වෙයි. ඒකේ රැස්වලින්* ඔයාලට සුවයක් ලැබෙයි. ඔයාලා හොඳට වැඩුණු මහත වහු පැටව් වගේ සතුටින් දුව පැන යයි.”
3 “ඔයාලා දුෂ්ටයන්ව පාගලා දානවා. මොකද මං පියවර ගන්න දවසේදී එයාලා ඔයාලාගේ පයට පෑගෙන දූවිලි වගේ වෙයි” කියලා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.
4 “හොරෙබ් කන්දේදී මගේ සේවකයා වන මෝසෙස් මාර්ගයෙන් මං මුළු ඊශ්‍රායෙල් සෙනඟට දුන්න නීතිය සිහි කරන්න. මං ඔයාලට පිළිපදින්න කිව්ව තීන්දු සහ ආඥා මතක් කරගන්න.+
5 “බලන්න! යෙහෝවා වන මගේ ගරුබිය ඇති කරවන මහත් දවස එන්න කලින්+ මම අනාගතවක්තෘ එලියාව ඔයාලා ළඟට එවනවා.+ 6 ඔහු පියවරුන්ගේ හිත් දරුවන්ගේ හිත් වගේ වෙන්නත්+ දරුවන්ගේ හිත් පියවරුන්ගේ හිත් වගේ වෙන්නත් සලස්වයි.* ඔහු එහෙම කරන්නේ මං ඇවිත් පොළොව සම්පූර්ණයෙන්ම විනාශ කරන එක වළක්වන්නයි.”
(හෙබ්‍රෙව් සහ ඇරමයික භාෂාවලින් ලියවුණ ශුද්ධ ලියවිල්ලේ පරිවර්තනය මෙතනින් ඉවරයි. ඊළඟට තියෙන්නේ ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ පරිවර්තනයයි)