ගීතාවලිය
3 “ඔවුන් දාලා තියෙන මේ විලංගු අපි කඩලා දාමු.
අපිව බැඳලා තියෙන මේ ලණු ගලවලා වීසි කරමු” කියලා ඒ නායකයෝ කියනවා.
4 ස්වර්ගයේ සිංහාසනයේ ඉන්න තැනැත්තා ඒක අහලා සිනාසෙයි.
යෙහෝවා දෙවියන් ඔවුන්ට සමච්චල් කරයි.
5 ඒ කාලයේදී ඔහු ඔවුන්ට කේන්තියෙන් කතා කරයි.
ඔහුගේ දැවෙන උදහස දැකලා ඔවුන් බයෙන් වෙවුලයි.
6 දෙවියන් ඔවුන්ට මෙහෙම කියයි.
“මම තෝරගත්ත තැනැත්තාව මම රජකමට පත් කළා.+
ඔහු පාලනය කරන්නේ මගේ ශුද්ධ කන්ද වන සියොන්+ ඉඳලයි.”
7 යෙහෝවාගේ තීරණය මම දැන් දැනුම් දෙන්නම්.
ඔහු මට මෙහෙම කිව්වා. “ඔබ මගේ පුතා.+
අද ඉඳන් ඔබේ තාත්තා මමයි.+
8 මගෙන් ඉල්ලන්න. මම ජාතීන්ව ඔබට උරුමයක් විදිහට දෙන්නම්.
පොළොවේ ඈත කෙළවර දක්වා තියෙන හැම දෙයක්මත් ඔබට දෙන්නම්.+
11 ගරුබියක් ඇතුව යෙහෝවාට සේවය කරන්න.
ගැඹුරු ගෞරවයක් පෙන්වලා ඔහු ඉස්සරහා සතුටු වෙන්න.