ගීතාවලිය
කන්ද නඟිද්දී ගයන ගීයක්.
132 යෙහෝවා දෙවියනි, දාවිත්ව සිහි කරන්න.
ඔහු අද්දැක්ක හැම පීඩාවක්ම මතක් කරගන්න.+
2 ඔහු යෙහෝවාට දිවුරලා කියපු දේ සිහි කරන්න.
ඔහු යාකොබ්ගේ බලවත් දෙවියන්ට වුණ මේ පොරොන්දුව මතක් කරගන්න.+
3 “මගේ කූඩාරමට, මගේ නිවසට මම ඇතුල් වෙන්නේ නැහැ.+
මගේ ඇඳට ගිහින් හාන්සි වෙන්නේ නැහැ.
4 මං මගේ ඇස් පියාගන්නේ නැහැ.
නින්දට මගේ ඇස් ළඟටවත් එන්න දෙන්නේ නැහැ.
5 යෙහෝවා වෙනුවෙන් තැනක් වෙන් කරන කල්,
යාකොබ්ගේ බලවත් දෙවියන් වෙනුවෙන් අලංකාර ගෘහයක්* හදන්න තැනක් වෙන් කරන කල්
මම ඒ විදිහට ඉන්නවා.”+
8 යෙහෝවා දෙවියනි, නැඟිටලා ඔබේ වාසස්ථානයට එන්න.+
ඔබේ බලය නියෝජනය කරන ගිවිසුම් පෙට්ටිය එක්ක ඔබත් එන්න.+
9 ඔබේ පූජකයෝ ධර්මිෂ්ඨකම කියන ඇඳුමෙන් සැරසී සිටීවා!
ඔබේ විශ්වාසවන්ත සේවකයෝ ප්රීති ඝෝෂා නඟනු ලැබේවා!
11 යෙහෝවා දාවිත්ට දිවුරලා පොරොන්දුවක් වුණා.
ඔහු ඒ පොරොන්දුව කවදාවත් කඩ කරන්නේ නැහැ.
ඔහු පොරොන්දු වුණේ මෙහෙමයි.
“ඔබෙන් පැවතෙන කෙනෙක්ව මම ඔබේ සිංහාසනයේ ඉන්දවනවා.+
12 ඔබේ පුතුන් මගේ ගිවිසුම රකිනවා නම්
මං දෙන සිහිගැන්වීම්වලට කීකරු වෙනවා නම්,+
ඔවුන්ගේ පුතුන්ටත් සදහටම
ඔබේ සිංහාසනයේ ඉඳගන්න ලැබෙනවා.”+
15 ඕන කරන හැම දේම දීලා මං ඒ නගරෙට නොඅඩුව ආශීර්වාද කරනවා.
එහේ ඉන්න දුප්පතුන්ට ආහාර දීලා ඔවුන්ව තෘප්තිමත් කරනවා.+
16 ඒකේ ඉන්න පූජකයන්ව මම ගැලවීම කියන ඇඳුමෙන් සරසනවා.+
එහේ ඉන්න මගේ විශ්වාසවන්ත සේවකයෝ සතුටින් කෑගහයි.+
17 දාවිත්ගේ ශක්තිය* මම තව තවත් වැඩි වෙන්න සලස්වනවා.
මගේ අභිෂේක ලත් තැනැත්තා වෙනුවෙන් මම පහනක් සූදානම් කරලා තියෙනවා.*+