යෙරෙමියා
37 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* යූදා දේශය පාලනය කරන්න යෙහෝයාකිම්ගේ පුතා වුණ කොනියා*+ වෙනුවට යොෂියාගේ පුතා වුණ ශෙදකියාව+ පත් කළා.+ 2 ඒත් ශෙදකියා රජවත් එයාගේ සේවකයොවත් දේශයේ සෙනඟවත් යෙහෝවා දෙවියන් අනාගතවක්තෘ යෙරෙමියා මාර්ගයෙන් කියපු දේවලට ඇහුම්කන් දුන්නේ නැහැ.
3 ශෙදකියා රජ ෂෙලෙමියාගේ පුතා වුණ යෙහුකල්වයි,+ පූජක මයසේයාගේ පුතා වුණ ශෙපනියාවයි+ අනාගතවක්තෘ යෙරෙමියා ළඟට යැව්වා. යෙරෙමියාට මෙහෙම කියන්න කියලා රජ කිව්වා. “අනේ, අපේ දෙවි වන යෙහෝවාට අපි වෙනුවෙන් යාච්ඤා කරන්න.” 4 ඒ කාලේ යෙරෙමියාට නිදහසේ එහේ මෙහේ යන්න පුළුවන්කම තිබුණා. මොකද ඒ වෙද්දී එයාව හිරේට දාලා තිබුණේ නැහැ.+ 5 ඔය අතරේ පාරාවෝගේ හමුදාව ඊජිප්තුවේ ඉඳන්+ එනවා කියලා යෙරුසලම වටලගෙන හිටපු කල්දිවරුන්ට ආරංචි වුණා. ඒ නිසා කල්දිවරු යෙරුසලමෙන් ගියා.+ 6 එතකොට අනාගතවක්තෘ යෙරෙමියාට යෙහෝවාගෙන් මේ පණිවිඩය ලැබුණා. 7 “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මගෙන් තොරතුරු අහන්න කියලා ඔබව මං ළඟට එවපු යූදාවල රජට මේ දේ කියන්න. “ඔබේ උදව්වට එන පාරාවෝගේ හමුදාවට ආපහු ඔවුන්ගෙම දේශයට හැරිලා යන්න වෙනවා.+ 8 කල්දිවරු ආයෙත් ඇවිත් මේ නගරයට විරුද්ධව සටන් කරනවා. ඒක අල්ලගෙන ඒකට ගිනි තියනවා.”+ 9 යෙහෝවා මෙහෙමත් කියනවා. “‘කල්දිවරු ආයේ එන එකක් නැහැ’ කියකිය ඔබවම රවට්ටගන්න එපා. මොකද ඔවුන් අනිවාර්යයෙන්ම ආපහු එනවා. 10 ඔබට විරුද්ධව සටන් කරන කල්දිවරුන්ගේ මුළු හමුදාවටම ඔබ පහර දුන්නා කියලා හිතන්න. ඉතුරු වෙලා ඉන්න තුවාල වෙච්ච අය හරි කූඩාරම්වලින් නැඟිටලා ඇවිත් මේ නගරයට ගිනි තියලා ඒක විනාශ කරනවා.”’”+
11 පාරාවෝගේ හමුදාව එන නිසා කල්දිවරුන් යෙරුසලමෙන් ගියාට පස්සේ+ 12 යෙරෙමියා තමන්ගේ සෙනඟ අතරේ තිබුණ එයාට අයිති උරුමය ලබාගන්න යෙරුසලමේ ඉඳන් බෙන්ජමින් දේශයට+ යන්න පිටත් වුණා. 13 ඒත් යෙරෙමියා බෙන්ජමින් දොරටුව ළඟට ආවාම හනනියාගේ පුතා වුණ ෂෙලෙමියාගේ පුතා සහ මුරකරුවන්ගේ ප්‍රධානියා වුණ ඉරියා අනාගතවක්තෘ යෙරෙමියාව අල්ලගෙන මෙහෙම ඇහුවා. “ඔයා කල්දිවරුන්ට භාර වෙන්න නේද ඔය යන්නේ?” 14 එතකොට යෙරෙමියා මෙහෙම කිව්වා. “මං කල්දිවරුන්ට භාර වෙන්න නෙමෙයි යන්නේ.” ඒත් ඉරියා යෙරෙමියා කිව්ව දේ පිළිගත්තේ නැහැ. එයා යෙරෙමියාව අත්අඩංගුවට අරන් අධිපතීන් ළඟට අරගෙන ගියා. 15 අධිපතීන්ට යෙරෙමියා එක්ක හොඳටම කේන්ති ගිහින්+ එයාට හොඳටම ගහලා එයාව හිරේ දැම්මා.*+ එයාව දැම්මේ හිරගෙයක් විදිහට පාවිච්චි කරපු යෙහොනාතාන් කියන ලේකම්වරයාගේ ගෙදරට. 16 යෙරෙමියාව හිර කළේ පොළොව යට තිබුණ කුටියක. එයාට ගොඩක් දවස් ඒකේ ඉන්න වුණා.
17 ඊටපස්සේ ශෙදකියා රජ යෙරෙමියාව රජමාලිගාවට ගෙන්නගෙන කාටත් හොරෙන් එයාගෙන් ප්‍රශ්න කළා.+ රජ යෙරෙමියාගෙන් මෙහෙම ඇහුවා. “ඔයාට යෙහෝවාගෙන් පණිවිඩයක් ලැබුණාද?” එතකොට යෙරෙමියා මෙහෙම කිව්වා. “ඔව්, ඔබව බැබිලෝනියේ රජගේ අතට අනිවාර්යයෙන්ම අල්ලලා දෙනවා කියලා මට පණිවිඩයක් ලැබුණා.”+
18 යෙරෙමියා ශෙදකියා රජට මෙහෙමත් කිව්වා. “මම ඔබටයි, ඔබේ සේවකයන්ටයි, මේ සෙනඟටයි විරුද්ධව කරපු වරද මොකක්ද? මාව මෙහෙම හිර කරලා තියන්නේ ඇයි? 19 ‘බැබිලෝනියේ රජ ඔබටවත් මේ දේශයටවත් විරුද්ධව එන්නේ නැහැ’ කියලා අනාවැකි කියපු ඔබේ අනාගතවක්තෘවරුන් දැන් කෝ?+ 20 මගේ ස්වාමීන් වන රජ්ජුරුවෙනි, අනේ මම කියන දේට ඇහුම්කන් දෙන්න. මගේ ඉල්ලීම අහක දාන්න එපා. ලේකම් වන යෙහොනාතාන්ගේ ගෙදරට නම් මාව ආපහු යවන්න එපා.+ එහේ හිටියොත් මං මැරෙයි.”+ 21 ඉතින් ශෙදකියා රජ යෙරෙමියාව මුරකරුගේ මළුවේ රඳවලා තියන්න කියලා අණ කළා.+ යෙරෙමියාට රොටි හදන්නන්ගේ වීථියෙන් හැමදාම රොටියක් හම්බ වුණා.+ නගරයේ රොටි හදන එක නතර වෙන කල්ම+ එයාට රොටිය ගාණේ හම්බ වුණා. යෙරෙමියාව දිගටම මුරකරුගේ මළුවේ රඳවලා තිබ්බා.