යෙසායා
52 අවදි වෙන්න! සියොන්,+ අවදි වෙන්න! දැන් ශක්තිමත් වෙන්න!*+
ශුද්ධ නුවර වන යෙරුසලම, ඔබේ අලංකාර ඇඳුම්වලින් සැරසෙන්න!+
මොකද අචර්මච්ඡේදිත කෙනෙක්වත් අපවිත්‍ර කෙනෙක්වත් ආයේ කවදාවත් ඔබ ඇතුළට එන්නේ නැහැ.+
2 යෙරුසලම, දැන් දූවිලි ගොඩෙන් නැඟිටින්න. දූවිලි ගහලා දාලා ඇවිත් ඉඳගන්න.
වහලෙක් වෙලා හිටිය සියොන් දියණිය, ඔබේ බෙල්ලට දාපු විලංගු ගලවලා දාන්න.+
3 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.
4 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මේකයි.
“මුලදී මගේ සෙනඟ විදේශිකයන් විදිහට ජීවත් වෙන්න ඊජිප්තුවට ගියා.+
ඊටපස්සේ ඇසිරියාව කිසිම හේතුවක් නැතුව ඔවුන්ට හිරිහැර කළා.”
5 “මං මොනවාද මේකට කරන්නේ” කියලා යෙහෝවා කියනවා.
“මොකද මගේ සෙනඟව අරන් ගියේ මුදලක් ගෙවලා නෙමෙයි.
මේ දේ කියන්නේ මමයි.”
7 ශුභාරංචියක් අරගෙන එන කෙනාගේ පාද, කඳු මත තියෙන ඔහුගේ පාද කොච්චර අලංකාරද!+
ඔහු සාමය ගැන ප්‍රකාශ කරයි.+
හොඳ දේවල් ගැන ශුභාරංචියක් කියයි.
ඔහු ගැලවීම ගැන ප්‍රකාශ කරයි.
ඔහු සියොන්ට “ඔබේ දෙවියන් රජ වෙලා”+ කියලා කියයි.
8 ඇහුම්කන් දෙන්න! ඔබේ මුරකරුවෝ හඬ නඟා කතා කරයි.
ඔවුන් එකතු වෙලා සතුටින් කෑගහයි.
මොකද යෙහෝවා සියොන්ව ආපහු එකතු කරද්දී ඔවුන් ඒක පැහැදිලිව දකියි.*
10 යෙහෝවා සියලු ජාතීන්ට ඔහුගේ ශුද්ධ හස්තය දකින්න සැලැස්සුවා.+
අපේ දෙවියන් තමන්ගේ සෙනඟව ගලවගන්න විදිහ* පොළොවේ ඉන්න හැමෝම දකියි.+
11 අයින් වෙන්න! අයින් වෙන්න! එහෙන් පිට වෙලා එන්න.+ අපවිත්‍ර කිසිම දේකට අතවත් තියන්න එපා.+
යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ භාණ්ඩ උසුලගෙන යන සියල්ලෙනි,+
ඇගෙන් ඉවත් වෙලා පිටතට එන්න.+ දිගටම පවිත්‍රව ඉන්න.
12 ඔබට එහෙන් කලබලෙන් පිටතට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
ඔබට පලා දුවන්න වෙන්නෙත් නැහැ.
මොකද යෙහෝවා ඔබට ඉදිරියෙන් යනවා.+
ඊශ්‍රායෙල්ගේ දෙවියන් ඔබට පිටුපසින් ඇවිත් ඔබව ආරක්ෂා කරනවා.+
13 බලන්න! මගේ සේවකයා+ හොඳ අවබෝධයකින් වැඩ කරයි.
ඔහුව උසස් කරයි.
ඔහුට ඉහළ තැනක් දෙයි. ඔහුව හරිම ශ්‍රේෂ්ඨ කෙනෙක් කරයි.+