ගීතාවලිය
දාවිත් රචනා කරපු ගීතයක්.
26 අනේ යෙහෝවා, මගේ හිත සෝදිසි කරලා මාව විනිශ්චය කරන්න.
එතකොට මං ඔබට විශ්වාසවන්තයි කියලා ඔබ දකියි.+
යෙහෝවා, පොඩ්ඩක්වත් සැක කරන්නේ නැතුව මම ඔබව විශ්වාස කළා.+
2 යෙහෝවා දෙවියනි, මාව සෝදිසි කරලා බලන්න.
මං මොන වගේ කෙනෙක්ද කියලා හොඳට හොයලා බලන්න.
6 යෙහෝවා දෙවියනි, මං නිර්දෝෂ කෙනෙක්.
ඒ නිසා මං මගේ දෑත් සෝදගන්නවා. ඔබේ පූජාසනය වටේ මං ඇවිදිනවා.
7 මං එහෙම කරන්නේ හැමෝටම ඇහෙන්න ඔබට ස්තුති ප්රශංසා කරන්නයි.+
ඔබ කරපු හැම පුදුම දෙයක් ගැනම දැනුම් දෙන්නයි.
9 අනේ, පව්කාරයන් එක්ක මාව විනාශ කරන්න එපා.+
දරුණු* මිනිසුන් එක්ක මගේ ජීවිතය නැති කරන්න එපා.
10 ඔවුන් දෑත්වලින් කරන්නෙම නින්දිත දේවල්.
ඔවුන්ගේ දකුණත අල්ලස්වලින් පිරිලා.
11 ඒත් මම හැමදාමත් ඔබට විශ්වාසවන්තව ජීවත් වෙනවා.
අනේ, මට කරුණාව පෙන්වලා මාව ගලවගන්න.