යෙසායා
39 ඔය කාලේදී බලදාන්ගේ පුතා වුණ බැබිලෝනියේ රජ මෙරොදක්බලදාන්ට ආරංචි වුණා හෙසකියා+ අසනීපෙන් ඉඳලා සනීප වුණා+ කියලා. ඉතින් එයා හෙසකියාට ලිපි ලියලා ඒ එක්ක තෑග්ගකුත් එව්වා. 2 හෙසකියා ඒ පණිවිඩකරුවන්ව සතුටින් පිළි අරන් එයාගේ වස්තු ගබඩාව+ එයාලට පෙන්නුවා. එයාගේ භාණ්ඩාගාරවල තිබුණ රත්තරන්, රිදී, බෝල්සම් තෙල්, වෙනත් වටින තෙල් වර්ග, එයාගේ යුධායුධ හැම එකක්ම සහ භාණ්ඩාගාරවල තිබුණ හැම දෙයක්ම එයා එයාලට පෙන්නුවා. හෙසකියා එයාගේ මාලිගාවෙයි, මුළු රාජධානියෙයි තිබුණ හැම දෙයක්ම එයාලට පෙන්නුවා.
3 ඊටපස්සේ අනාගතවක්තෘ යෙසායා හෙසකියා රජව හම්බ වෙන්න ඇවිල්ලා මෙහෙම ඇහුවා. “මොනවාද අර මිනිස්සු කිව්වේ? කොහෙන්ද එයාලා ආවේ?” එතකොට හෙසකියා මෙහෙම කිව්වා. “එයාලා ආවේ ගොඩක් ඈත තියෙන බැබිලෝනියේ ඉඳලා.”+ 4 එතකොට යෙසායා මෙහෙම ඇහුවා. “ඔයාගේ මාලිගාවේ තියෙන මොනවාද ඔයා එයාලට පෙන්නුවේ?” හෙසකියා මෙහෙම කිව්වා. “මගේ මාලිගාවේ තියෙන හැම දෙයක්ම එයාලා දැක්කා. මගේ ගබඩාවල තියෙන හැම දෙයක්ම මං එයාලට පෙන්නුවා.”
5 එතකොට යෙසායා හෙසකියාට මෙහෙම කිව්වා. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන මේ දේට ඇහුම්කන් දෙන්න. 6 ‘ඔයාගේ මාලිගාවේ තියෙන හැම දෙයක්මයි, මේ වෙන කල් ඔයාගේ මුතුන්මිත්තන් රැස් කරලා තියෙන හැම දෙයක්මයි බැබිලෝනියට අරගෙන යන දවස් ළඟ එනවා. කිසිම දෙයක් මෙහේ ඉතුරු වෙන්නේ නැහැ’+ කියලා යෙහෝවා කියනවා.+ 7 ‘ඔයාගෙන් පැවතෙන සමහරදෙනෙක්ව බැබිලෝනියට අරන් යයි. එයාලා එහේ රජගේ මාලිගාවේ නිලධාරීන් විදිහට වැඩ කරයි.’”+
8 එතකොට හෙසකියා යෙසායාට මෙහෙම කිව්වා. “ඔයා මාර්ගයෙන් යෙහෝවා කියපු දේ සාධාරණයි.” ඊටපස්සේ එයා මෙහෙමත් කිව්වා. “මොකද එතකොට මගේ ජීවිත කාලේදී කරදරයක් නැතුව* සමාදානයෙන් ඉන්න පුළුවන්.”+