මීකා
3 මම මෙහෙම කිව්වා. “යාකොබ්ගේ පෙළපතට අයිති ප්‍රධානියෙනි,
ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයෙනි,+ මං කියන දේට සවන් දෙන්න.
යුක්තිය ඉටු කරන එක ඔබේ වගකීම නෙවෙයිද?
2 ඒත් ඔබ යහපත් දේට පිළිකුල් කරලා+ දුෂ්ට දේට ඇලුම් කරනවා.+
ඔබ මගේ සෙනඟගේ හම ඉරලා ඇටකටු පෑදෙන කල් මස් ගලවලා දානවා.+
සතෙක්ගේ මස් විශාල හැළියකට දාලා උයන්න සූදානම් කරනවා වගේ
ඔබ ඔවුන්ගේ හම ඉරලා, මස් කෑලි කෑලිවලට කපලා,
ඇටකටු කඩලා පොඩි කරලා දානවා.+
ඔවුන් කරන දුෂ්ට දේවල් නිසා+
එදාට දෙවියන් ඔවුන්ගෙන් තමන්ගේ මුහුණ හංගගනියි.
5 අනාගතවක්තෘවරු දත්වලින් හපන ගමන්+ සාමය ප්‍රකාශ කරයි.*+
ඒත් කෑමට කිසි දෙයක් දෙන්නේ නැති අයට විරුද්ධව ඔවුන් යුද්දේ ප්‍රකාශ කරයි.
මගේ සෙනඟව මංමුළා කරන ඒ අනාගතවක්තෘවරුන්ට යෙහෝවා කියන්නේ මෙහෙමයි.+
6 ‘ඔබට රාත්‍රිය උදා වෙයි.+ ඔබට දර්ශන දකින්න ලැබෙන්නේ නැහැ.+
ඔබට ඉතුරු වෙන්නේ අන්ධකාරය විතරයි. තවදුරටත් ඔබට පේන කියන්න බැරි වෙයි.
අනාගතවක්තෘවරු ආයෙත් කවදාවත් හිරු එළිය දකින්නේ නැහැ.
ඔවුන්ට දවාල රාත්‍රිය වගේ පෙනෙයි.+
ඔවුන්ට දෙවියන්ගෙන් කිසි පිළිතුරක් ලැබෙන්නේ නැහැ.
ඒ නිසා ඔවුන්ට සිද්ධ වෙන්නේ ලැජ්ජාවෙන් මූණ* වහගන්නයි.’”
8 ඒත් යාකොබ් දෙවියන්ට විරුද්ධව කැරලිගහලා කරන වරද ගැනත්
ඊශ්‍රායෙල්ගේ පාපය ගැනත් ඔවුන්ට පෙන්වලා දෙන්න,
යෙහෝවා ඔහුගේ බලය නොඅඩුව දීලා මාව ශක්තිමත් කළා.
යුක්තිගරුකවත් නිර්භීතවත් වැඩ කරන්න ඔහු මට උදව් කළා.
9 යාකොබ්ගේ පෙළපතේ ප්‍රධානියෙනි, ඊශ්‍රායෙල් නායකයෙනි,+
මං කියන දේට ඇහුම්කන් දෙන්න.
යුක්තියට පිළිකුල් කරන ඔබ හරි දේ කණපිට පෙරළනවා.+
10 ඔබ සියොන් නුවර ගොඩනඟන්න ලේ හලනවා.
යෙරුසලම ඉදි කරන්න අධර්මිෂ්ඨකම් කරනවා.+
එහෙම කරලත් ඔවුන් යෙහෝවාගෙන් උදව් බලාපොරොත්තු වෙලා* මෙහෙම කියනවා.
“යෙහෝවා ඉන්නේ අපේ පැත්තෙනේ.+
ඒ නිසා අපිට කවදාවත් විපතක් වෙන්නේ නැහැ.”+