යෙසායා
27 ඒ දවසේදී යෙහෝවා දෙවියන් ඔහුගේ බිය උපදවන තියුණු කඩුව අරගෙන,+
වේගයෙන් යන ලෙවීයාතන්ට* දඬුවම් කරයි.
වතුර කපාගෙන යන මුහුදු සර්පයා වන ලෙවීයාතන්ට පහර දෙයි.
මුහුදේ සැරිසරන ඒ දැවැන්තයාව ඔහු මරලා දායි.
2 ඒ දවසේදී ඇයට* මෙහෙම ගායනා කරන්න.
“ඇය වයින් නොඅඩුව නිපදවන මිදිවත්තක්!+
3 යෙහෝවා වන මම ඇයව ආරක්ෂා කරනවා.+
හැම මොහොතකම මම ඇයට වතුර දානවා.+
දිවා රෑ දෙකේම ඇයව ආරක්ෂා කරනවා.
ඇයට හානියක් කරන්න මම කාටවත් ඉඩ දෙන්නේ නැහැ.+
4 ඇය ගැන මට තිබුණ කේන්තිය දැන් නිවී ගිහින්.+
කවුරු හරි කටු පඳුරු සහ වල් පැළෑටි අරගෙන මට බාධා කරන්න ආවොත්,
මම ඒවා පාගලා දානවා. ඒවා ඔක්කොටම ගිනි තියලා දානවා.
5 ඒ නිසා ඔහුට පුළුවන් මගේ බලකොටුවට ඇවිත් රැකවරණය ලබන්න.
ඔහුට පුළුවන් මාත් එක්ක සමාදාන වෙන්න.
මාත් එක්ක සමාදාන වෙන්න.”
6 ඉදිරියට එන දවස්වලදී යාකොබ් හොඳින් මුල් අදියි.
ඊශ්රායෙල් හොඳින් වැඩිලා, මල්වලින් බර වෙයි.+
ඔවුන්ගේ පලදාවෙන් දේශය පිරිලා යයි.+
7 එහෙමනම් මේ තරම් දරුණු විදිහට ඔහුට පහර දෙන්න ඕනෙ ඇයි?
මේ තරම් දරුණු මරණයකට ඔහු මුහුණ දෙන්න ඕනෙ ඇයි?
8 ඔබ ඇයට විරුද්ධව ඇවිත් භයානක හඬකින් කෑගහලා ඇයව දේශයෙන් පිටමං කරනවා.
නැඟෙනහිරෙන් හුළඟ හමන දවසේදී වේගවත් හුළඟක් වගේ එන ඔහුගේ කේන්තියෙන් ඔහු ඇයව පන්නලා දානවා.+
9 ඒ විදිහට යාකොබ් තමන්ගේ වැරදිවලට සම්පූර්ණ වන්දියක් ගෙවයි.+
ඔහුගේ වැරදිවලට සමාව ලැබුණාම මේ තත්වය උදා වෙයි.
පූජාසනයේ තියෙන හැම ගලක්ම
හුණුගල් වගේ කුඩු කරලා දායි.
නමස්කාරයට හදපු එක කණුවක්වත්* සුවඳ දුම් පූජාසනයක්වත් ඉතුරු වෙන්නේ නැහැ.+
වහු පැටියා ඇවිත් එතන ලගියි.
ඌ ඇගේ අතු කාලා දායි.+
මොකද මේ සෙනඟ දැනුම් තේරුම් ඇති සෙනඟක් නෙමෙයි.+
ඔවුන්ව හදපු කෙනා ඔවුන්ට දයාව පෙන්නන්නේ නැත්තේ ඒ නිසයි.
ඔවුන්ව අඹපු තැනැත්තා කරුණාව පෙන්නන්නේ නැත්තේ ඒ නිසයි.+
12 ඒ දවසේදී යෙහෝවා මහ ගඟේ* ඉඳන් ඊජිප්තු නිම්නය*+ වෙන කල් තියෙන හැම ගහකින්ම ගෙඩි කඩාගනියි. ඊශ්රායෙල් සෙනඟෙනි, ඒ විදිහට ඔබ හැමෝවමත් එකින් එක එකතු කරගනියි.+ 13 ඒ දවසේදී මහ හොරණෑවක් පිඹිනවා.+ ඇසිරියාවේ+ පණ ඇදඇද ඉන්න අයයි, ඊජිප්තු+ දේශය පුරාම විසිරිලා ඉන්න අයයි ඇවිත් යෙරුසලමේ තියෙන ශුද්ධ කන්දේදී යෙහෝවා ඉස්සරහා වැඳ වැටෙයි.+