යෝබ්
37 “මගේ හදවත සලිත වෙලා,
බයෙන් ගැහෙන්න පටන්ගත්තා.
2 දෙවියන් කතා කරද්දී ඇහෙන බියකරු හඬටත්
ඔහුගේ මුවින් නික්මෙන ගිගුරුම් හඬටත් හොඳින් සවන් දෙන්න.
4 ඒත් එක්කම අහස දෙදරුම් කයි.
ඔහුගේ තේජාන්විත ගිගුරුම් හඬ පොළොව සිසාරා යයි.+
ඔහුගේ හඬ ඇහෙද්දී අකුණු සැර දිගින් දිගටම නික්මෙයි.
5 දෙවියන්ගේ මුවින් නික්මෙන ගිගුරුම් හඬ+ පුදුමාකාරයි.
අපිට කවදාවත් තේරුම්ගන්න බැරි පුදුමාකාර දේවල් ඔහු කරයි.+
6 ඔහු හිමට කතා කරලා ‘පොළොව සිපගන්න’+ කියලත්
මහ වැස්සට කතා කරලා ‘පොළොවට ඇද හැලෙන්න’ කියලත් අණ දෙයි.+
8 වනසත්තු උන්ගේ ගුහාවලට
ගිහින් හැංගෙයි.
11 ඔහු වලාකුළු දිය බිඳුවලින් පුරවයි.
වලාකුළු අතරින් ඔහුගේ අකුණු සැර විසුරුවාහරියි.+
12 දෙවියන් තමන් කැමති දිශාවකට වැහි වලාකුළු හරවයි.
ඒවා ඔහු දෙන හැම අණකටම කීකරු වෙලා+ පොළොවට ඉහළින් ගමන් කරයි.
15 දෙවියන් වලාකුළු හසුරුවන්නේ කොහොමද කියලත්
ඒවා අතරින් විදුලි සැර යවන්නේ කොහොමද කියලත් ඔයා දන්නවාද?
16 වලාකුළු අහසේ පාවෙන්නේ කොහොමද කියලා ඔයා දන්නවාද?+
ඒවා, හැම දේම දන්න දෙවියන්ගේ පුදුමාකාර නිර්මාණයන්.+
19 අපි දෙවියන්ට කියන්න ඕනෙ දේ ඔයා අපිට කියලා දෙන්න.
මොකද අපි ඉන්නේ අඳුරේ. ඔහුට කියන්න ඕනෙ මොනවාද කියලා අපි නම් දන්නේ නැහැ.
20 මට දෙවියන්ට කියන්න පුළුවන්ද මට ඔහුත් එක්ක කතා කරන්න ඕනෙ කියලා?
දෙවියන් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනෙ වැදගත් දෙයක් කාගේ හරි කටින් පිට වෙලා තියෙනවාද?+
21 අහසේ ආලෝකය* බැබළුණත් මිනිසුන් ඒක දකින්නේ නැහැ.
වලාකුළු සුළඟට විසිරිලා ගිහින්
අහස පැහැදිලි වෙන කල් එයාලට ඒක පේන්නේ නැහැ.
23 සියලු බලැති දෙවියන් කරන හැම දෙයක් ගැනම අපිට තේරුම්ගන්න බැහැ.+
ඔහුට තියෙන්නේ අපිට හිතාගන්නවත් බැරි තරම් බලයක්.+
ඔහු කවදාවත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්රමිති කඩන්නෙවත්+ යුක්තිය නොසලකාහරින්නෙවත් නැහැ.+
24 ඒ නිසා හැම කෙනෙක්ටම දෙවියන් ගැන ලොකු ගෞරවයක්* තියෙන්න ඕනේ.+
මොකද තමන් ප්රඥාවන්තයි කියලා හිතන කිසිම කෙනෙක්ව දෙවියන් පිළිගන්නේ නැහැ.”+