පළවෙනි ලේකම්
25 දාවිත් කණ්ඩායම්වල ප්රධානීන් එක්ක එකතු වෙලා ආසාෆ්, හේමාන් සහ යෙදූතුන්ගේ+ පුතාලාගෙන් සමහරදෙනෙක්ව වෙන් කළා. එයාලව එහෙම වෙන් කළේ වීණා, කුඩා වීණා+ වාදනය කරලා, අත්තාළම්+ ගහලා දෙවියන්ට ප්රශංසා කරන්න සහ අනාවැකි කියන්නයි. ඒ සේවයට පත් කරපු අය තමයි මේ: 2 ආසාෆ්ගේ පුතාලා අතරින් සක්කූර්, යෝසෙප්, නෙතනියා සහ අෂරේලා. එයාලාගේ තාත්තා වුණ ආසාෆ් යටතේ එයාලා සේවය කළා. ආසාෆ් අනාවැකි කිව්වේ රජගේ අධීක්ෂණය යටතේ. 3 යෙදූතුන්ගේ+ පුතාලා අතරින් ගෙදලියා, ෂේරී, යෙෂායා, ෂිමෙයි, හෂබියා සහ මත්තිතියා.+ ඒ හයදෙනා එයාලාගේ තාත්තාගේ අධීක්ෂණය යටතේ සේවය කළා. යෙදූතුන් වීණාව වාදනය කරලා අනාවැකි කිව්වා වගේම යෙහෝවා දෙවියන්ට ස්තුති ප්රශංසා කළා.+ 4 හේමාන්ගේ+ පුතාලා අතරින් බුක්කියා, මත්තනියා, උස්සියෙල්, ෂෙබුයෙල්, යෙරිමොත්, හනනියා, හනානි, එලියාතා, ගිද්දල්තී, රෝමම්තීඑෂෙර්, යොෂ්බෙකාෂා, මල්ලෝතී, හෝතීර් සහ මහෂියොත්. 5 ඒ හැමෝම හේමාන්ගේ පුතාලා. හේමාන් සැබෑ දෙවියන්ගේ පණිවිඩ ඇතුළත් දර්ශන රජට දන්වපු කෙනෙක්. ඒ විදිහට එයා දෙවියන්ව ගෞරවයට පත් කළා. ඒ නිසයි සැබෑ දෙවියන් එයාට පුතාලා 14දෙනෙකුයි, දුවලා 3දෙනෙකුයි දුන්නේ. 6 එයාලා හැමෝම එයාලාගේ තාත්තාගේ අධීක්ෂණය යටතේ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ ගීතිකා ගායනා කළා. අත්තාළම් ගගහා, වීණා+ සහ කුඩා වීණා වාදනය කරකර එයාලා ඒ සේවය සැබෑ දෙවියන්ගේ ගෘහයේදී කළා.
ආසාෆ්, යෙදූතුන් සහ හේමාන් සේවය කළේ රජගේ අධීක්ෂණය යටතෙයි.
7 එයාලයි, එයාලාගේ සහෝදරයනුයි ඔක්කොම 288දෙනෙක් හිටියා. ඒ හැමෝම යෙහෝවා දෙවියන්ට ගී ගායනා කරන්න හොඳින් පුහුණු වුණ, හරිම දක්ෂ අය. 8 එයාලා හැමෝගෙම පැවරුම තීරණය කරන්න දාදු දැම්මා.+ දාදු දාද්දී ලොකු කුඩා, ප්රවීණ ආධුනික කියලා වෙනසක් කළේ නැහැ.
9 දාදු දැම්මාම මුලින්ම තේරුණේ ආසාෆ්ගෙන් පැවතෙන යෝසෙප්ව.+ දෙවෙනියට ගෙදලියාව.+ (එයායි, එයාගේ සහෝදරයනුයි, එයාගේ පුතාලයි ඔක්කොම 12දෙනායි.) 10 තුන්වෙනියට සක්කූර්.+ එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි. 11 හතරවෙනියට ඉෂ්රී. එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි. 12 පස්වෙනියට නෙතනියා.+ එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි. 13 හයවෙනියට බුක්කියා. එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි. 14 හත්වෙනියට යෙෂරේලා. එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි. 15 අටවෙනියට යෙෂායා. එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි. 16 නමවෙනියට මත්තනියා. එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි. 17 දහවෙනියට ෂිමෙයි. එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි. 18 11වෙනියට අෂරෙල්. එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි. 19 12වෙනියට හෂබියා. එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි. 20 13වෙනියට ෂුබායෙල්.+ එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි. 21 14වෙනියට මත්තිතියා. එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි. 22 15වෙනියට යෙරෙමොත්. එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි. 23 16වෙනියට හනනියා. එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි. 24 17වෙනියට යොෂ්බෙකාෂා. එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි. 25 18වෙනියට හනානි. එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි. 26 19වෙනියට මල්ලෝතී. එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි. 27 20වෙනියට එලියාතා. එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි. 28 21වෙනියට හෝතීර්. එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි. 29 22වෙනියට ගිද්දල්තී.+ එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි. 30 23වෙනියට මහෂියොත්.+ එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි. 31 24වෙනියට රෝමම්තීඑෂෙර්.+ එයායි, එයාගේ පුතාලයි, එයාගේ සහෝදරයනුයි ඔක්කොම 12දෙනායි.