දෙවෙනි ලේකම්
34 යොෂියා+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු අටයි. යෙරුසලමේ ඉඳන් එයා අවුරුදු 31ක් පාලනය කළා.+ 2 යොෂියා යෙහෝවා දෙවියන් හරියි කියලා සලකන දේවල් කළා. එයාගේ මුතුන්මිත්තා වුණ දාවිත්ගේ අඩිපාරේම ගිය එයා දෙවියන් පෙන්නපු මාර්ගයෙන් අයින් වුණේම නැහැ.
3 එයා පාලනය කරපු 8වෙනි අවුරුද්දේදී ඒ කියන්නේ තරුණ වයසේදීම එයා එයාගේ මුතුන්මිත්තා වුණ දාවිත්ගේ දෙවියන්ට සේවය කරන්න පටන්ගත්තා.+ එයා පාලනය කරපු 12වෙනි අවුරුද්දේදී වෙනත් දෙවිවරුන්ට හදලා තිබුණ පූජනීය තැන්,*+ නමස්කාර කරන්න හදපු කණු,* රූප+ එයා සම්පූර්ණයෙන්ම අයින් කරලා යෙරුසලම සහ යූදා දේශය පවිත්‍ර කළා.+ 4 බාල් දෙවිවරුන්ට හදපු පූජාසන එයාලා යොෂියා ඉස්සරහම කඩලා දැම්මා. ඒවාට උඩින් හදලා තිබුණ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනත් එයා විනාශ කළා. නමස්කාර කරන්න හදලා තිබුණ කණු* සහ රූප කෑලිවලට කඩලා ඒවා කුඩු කරලා දැම්මා. ඊටපස්සේ ඒ කුඩු අරන් ගිහින් ඒ රූපවලට පූජා ඔප්පු කරපු අයගේ සොහොන්වලට ඒවා ඉස්සා.+ 5 එයා පූජකයන්ගේ ඇටකටු ගෙනල්ලා ඒ අය පූජා ඔප්පු කරපු පූජාසන උඩම ඒවා පුච්චලා දැම්මා.+ ඒ විදිහට යොෂියා රජ යෙරුසලම සහ යූදා දේශය පවිත්‍ර කළා.
6 එයා මනස්සේ, එෆ්‍රායිම්+ සහ සිමියොන් ගෝත්‍රවලට අයිති ප්‍රදේශවලට ගියා. ඒ විතරක් නෙමෙයි නෆ්තලී ගෝත්‍රයට අයිති ප්‍රදේශය වෙන කලුත් එයා ගියා. එයා ඒ ප්‍රදේශවල තිබුණ නගරවලටයි, ඒවා අවට විනාශ වෙලා ගිහින් තිබුණ ප්රදේශවලටයි ගිහින් 7 නමස්කාර කරන්න හදලා තිබුණ පූජාසනයි, කණුයි,* රූපයි+ කඩලා ඒවා කුඩු කරලා දැම්මා. ඊශ්‍රායෙල් දේශය පුරා තිබුණ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනත් එයා කඩලා දැම්මා.+ ඊටපස්සේ එයා ආපහු යෙරුසලමට ආවා.
8 යොෂියා පාලනය කරපු 18වෙනි අවුරුද්ද වෙද්දී එයා දේශයයි, දේවමාලිගාවයි පවිත්‍ර කරලා තිබුණා. ඒ අවුරුද්දේදී එයා අෂලියාගේ පුතා වුණ ෂාපාන්වයි,+ නගරයේ ප්‍රධානියා වුණ මයසේයාවයි, යෝවාහාෂ්ගේ පුතා වුණ වාර්තාකරු විදිහට වැඩ කරපු යෝවාවයි තමන්ගේ දෙවි වන යෙහෝවාගේ ගෘහය අලුත්වැඩියා කරන්න යැව්වා.+ 9 එයාලා උත්තම පූජක හිල්කියා ළඟට ගිහින් දෙවියන්ගේ ගෘහයට ගෙනත් තිබුණ සල්ලි එයාට දුන්නා. දොරටු පාලකයන් විදිහට සේවය කරපු ලෙවීවරු ඒ සල්ලි එකතු කරලා තිබුණේ මනස්සේ සහ එෆ්‍රායිම් ගෝත්‍රවලට අයිති ප්‍රදේශවලින්, ඊශ්‍රායෙල් දේශයේ අනිත් ප්‍රදේශවලින්,+ යූදා සහ බෙන්ජමින් ගෝත්‍රවලට අයිති ප්‍රදේශවලින් සහ යෙරුසලමේ සෙනඟගෙන්. 10 ඊටපස්සේ එයාලා ඒ සල්ලි යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ අලුත්වැඩියා කටයුතු බලාගන්න පත් කරලා හිටපු අයට භාර දුන්නා. ගෘහයේ වැඩකටයුතු කරපු අය යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ කැඩුණ බිඳුණ තැන් හදන්න ඒ සල්ලි පාවිච්චි කළා. 11 යූදාවල රජවරු විනාශ වෙලා යන්න ඉඩ දුන්න ගොඩනැඟිලි අලුත්වැඩියා කරන්න අවශ්‍ය ගල් ගන්නත් බාල්ක සහ කලම්ප පටි හදන්න ඕනෙ කරන ලී ගන්නත් එයාලා ඒ සල්ලි වඩුවන්ටයි, ඉදි කිරීම් වැඩ කරපු අයටයි දුන්නා.+
12 ඒ හැමෝම එයාලට භාර දීපු වැඩ විශ්වාසවන්තව කළා.+ එයාලාගේ වැඩ බලන්න ලෙවීවරුන්ව පත් කරලා තිබුණා. ඒ අය නම් මෙරාරීගෙන්+ පැවතෙන යාහත් සහ ඔබදියා. කෝහාත්ගෙන්+ පැවතෙන සෙකරියා සහ මෙෂල්ලම්. සංගීත භාණ්ඩ වාදනය කරන්න දක්ෂ+ ලෙවීවරු 13 සාමාන්‍ය කම්කරුවන්ගේ* වැඩ වගේම වෙනත් සේවාවන් කරපු හැමෝගෙම වැඩ අධීක්ෂණය කළා. ලෙවීවරුන්ගෙන් සමහරදෙනෙක් ලේකම්වරු, නිලධාරීන් සහ දොරටු පාලකයන්+ විදිහට සේවය කළා.
14 යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ගෙනාපු සල්ලි එකතු කරන්න ගිය වෙලාවේ+ පූජක හිල්කියාට මෝසෙස් මාර්ගයෙන්* දුන්න+ යෙහෝවා දෙවියන්ගේ නීතිය සඳහන් ලියවිල්ල+ හම්බ වුණා. 15 එතකොට පූජක හිල්කියා ලේකම් විදිහට වැඩ කරපු ෂාපාන්ට මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබිලා නීතිය ඇතුළත් ලියවිල්ල මට හම්බ වුණා.” ඊටපස්සේ එයා ඒක ෂාපාන්ට දුන්නා. 16 ෂාපාන් ඒකත් අරගෙන රජ ළඟට ගිහින් මෙහෙම කිව්වා. “ඔබේ සේවකයන්ට ඔබ භාර දීපු හැම වැඩක්ම එයාලා හොඳින් කරනවා. 17 යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ගෙනාපු සල්ලි එයාලා එකතු කළා. එයාලා ඒ සල්ලි ගෘහයේ වැඩකටයුතු බලාගන්න පත් කරලා ඉන්න අයටයි, ඒ වැඩ කරන අයටයි භාර දුන්නා.” 18 ලේකම් විදිහට වැඩ කරපු ෂාපාන් යොෂියා රජට මෙහෙමත් කිව්වා. “පූජක හිල්කියා මට මේ ලියවිල්ල දුන්නා.”+ ඊටපස්සේ එයා ඒක රජට ඇහෙන්න කියෙව්වා.+
19 රජ නීතියේ සඳහන් වුණ දේවල් ඇහුව ගමන්ම එයාගේ ඇඳුම් ඉරාගත්තා.+ 20 ඊටපස්සේ රජ හිල්කියාට, ෂාපාන්ගේ පුතා වුණ අහිකාම්ට,+ මීකාගේ පුතා වුණ අබ්දොන්ට, ලේකම් වුණ ෂාපාන්ට සහ රජගේ සේවකයා වුණ අසායාට මෙහෙම අණ කළා. 21 “දැන් ඔයාලා ගිහින් අපිට හම්බ වුණ මේ ලියවිල්ලේ තියෙන දේවල් අපිට බලපාන්නේ කොහොමද කියලා යෙහෝවාගෙන් අහන්න. මං වෙනුවෙනුත් ඊශ්‍රායෙල්වල සහ යූදාවල ඉතුරු වෙලා ඉන්න අය වෙනුවෙනුත් දෙවියන්ගෙන් ඒ ගැන අහන්න. මොකද අපේ මුතුන්මිත්තන් යෙහෝවා කියපු දේවල් කළේ නැහැ. මේ ලියවිල්ලේ සඳහන් දේවල් එයාලා පිළිපැද්දේ නැහැ.+ ඒ නිසයි යෙහෝවා කේන්තියෙන් අපිට පහර දෙන්න යන්නේ.”
22 ඉතින් හිල්කියායි, රජ යවපු අනිත් අයයි අනාගතවක්තෘවරියක්+ වුණ හුල්දාව හම්බ වෙන්න ගියා. හුල්දා නිලඇඳුම් භාරව හිටපු ෂල්ලුම්ගේ බිරිඳ. ෂල්ලුම් කියන්නේ හර්හස්ගේ පුතා වුණ තික්වාගේ පුතා. හුල්දා ජීවත් වුණේ යෙරුසලමේ අලුතින් හදපු කොටසේ. එයාලා එහෙට ගිහින් හුල්දාව හම්බ වුණා.+ 23 එතකොට හුල්දා එයාලට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියන්නේ මේකයි. ‘මාව හම්බ වෙන්න ඔයාලව එවපු කෙනාට මේ දේ කියන්න. 24 “යෙහෝවා මෙහෙම කියනවා. ‘මම මේ දේශය පිටටත් මෙහේ ඉන්න මිනිස්සු පිටටත් විනාශයක් ගේනවා.+ යූදාවල රජ ඉස්සරහා එයාලා කියවපු ලියවිල්ලේ තියෙන හැම ශාපයක්ම+ මම සෙනඟ පිටට ගේනවා. 25 මොකද එයාලා මාව අත්හැරලා ගිහින්+ වෙනත් දෙවිවරුන්ට පූජා ඔප්පු කරනවා. එයාලා කරන හැම දේකින්ම එයාලා මාව කේන්ති ගස්සනවා.+ මගේ කේන්තිය හරියට ගින්නක් වගේ මේ දේශයට විරුද්ධව ඇවිළිලයි තියෙන්නේ. ඒක නිවිලා යන්නේ නැහැ.’”+ 26 යෙහෝවාගෙන් අහන්න කියලා ඔයාලව එවපු යූදාවල රජට ඔයාලා මේ දේ කියන්න. ‘ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “ලියවිල්ලෙන් ඔයාට අහන්න ලැබුණ වචන ගැන+ මට කියන්න තියෙන්නේ මේකයි. 27 මේ දේශයටයි, මෙහේ ඉන්න මිනිස්සුන්ටයි මං කරන්න යන දේ ගැන ඇහුවාම ඔයා ගොඩක් දුක් වෙලා ඔයාගේ දෙවියන් වන මං ඉස්සරහා බැගෑපත් වුණා. ඔයා ඔයාගේ ඇඳුම් ඉරාගෙන හරිම නිහතමානීව මං ඉස්සරහා අඬා වැලපුණා. ඒ නිසා ඔයා කරපු යාච්ඤාව මම ඇහුවා+ කියලා යෙහෝවා කියනවා. 28 ඒ හින්දා මම මේ දේශයටයි, මෙහේ ඉන්න සෙනඟ පිටටයි ගේන විනාශය ඔයා දකින්නේ නැහැ. හිතේ බරක් නැතුව ඔයාට මැරෙන්න මම ඉඩහරිනවා. ඔයාවත් ඔයාගේ මුතුන්මිත්තන් වගේ ඔයාගෙම සොහොන් ගෙයි තැන්පත් කරනවා.’”’”+
එයාලා ඇවිත් ඒ හැම දෙයක්ම රජට කිව්වා. 29 ඉතින් රජ පණිවිඩයක් යවලා යූදාවලයි, යෙරුසලමෙයි හිටපු වැඩිමහල්ලන් හැමෝවම රැස් කළා.+ 30 ඊටපස්සේ රජ යූදාවල පුරුෂයන් හැමෝමයි, යෙරුසලමේ හිටපු හැමෝමයි, පූජකයෝයි, ලෙවීවරුනුයි ඒ කියන්නේ ලොකු කුඩා හැමෝවම එකතු කරගෙන යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ගියා. එතනදී රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබිලා හම්බ වුණ, ගිවිසුම සඳහන් කරලා තියෙන මුළු ලියවිල්ලම එයාලට ඇහෙන්න කියෙව්වා.+ 31 රජ සෙනඟ ඉස්සරහා හිටගෙන යෙහෝවා එක්ක ගිවිසුමක් ඇති කරගත්තා.*+ එයා පොරොන්දු වුණේ ගිවිසුම සඳහන් වුණ ලියවිල්ලේ තියෙන හැම දෙයක්ම පිළිපදිනවා+ කියලයි. ඒ විදිහට එයා යෙහෝවාට කීකරු වෙනවා කියලත් ඔහුගේ ආඥා, සිහිගැන්වීම් සහ නියෝග මුළු හදවතින්ම පිළිපදිනවා+ කියලත් පොරොන්දු වුණා. ඒ දේ කරන්න එයා උපරිමයෙන් මහන්සි වෙනවා* කියලත් පොරොන්දු වුණා. 32 එයා යෙරුසලමේ සහ බෙන්ජමින් ගෝත්‍රයට අයිති ප්‍රදේශයේ හිටපු හැමෝවම දිරිගැන්නුවා ඒකට එකඟව වැඩ කරන්න කියලා. ඒ නිසා යෙරුසලමේ හිටපු සෙනඟ එයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවියන් එයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුමට එකඟව ජීවත් වෙන්න පියවර ගත්තා.+ 33 ඊටපස්සේ යොෂියා රජ ඊශ්‍රායෙල්වරුන්ට අයිති හැම ප්රදේශයකින්ම දෙවියන් පිළිකුල් කරපු හැම දෙයක්ම* අයින් කළා.+ ඊශ්‍රායෙල්වල හිටපු හැමෝටම එයාලාගේ දෙවි වන යෙහෝවාට සේවය කරන්නත් එයා උදව් කළා. යොෂියාගේ ජීවිත කාලේ පුරාම එයාලා එයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට විශ්වාසවන්තව සේවය කළා.*