යෝනා
2 යෝනා ඒ මාළුවාගේ බඩේ ඉද්දී තමන්ගේ දෙවි වන යෙහෝවාට යාච්ඤා කරලා+ 2 මෙහෙම කිව්වා.
“මගේ දුකේදී මම යෙහෝවාට අඬගැහුවා. ඔහු මට පිළිතුරු දුන්නා.+
අන්ධකාරයෙන් වැහුණ මිනී වළේ ඉඳන්* උදව් ඉල්ලලා මම කෑගැහුවා.+
ඔබ මට සවන් දුන්නා.
ඔබ එවපු දරුණු රළ පහර මගේ හිසටත් උඩින් ගියා.+
4 ‘ඔබට මාව නොපෙනී යන විදිහට ඈතින් ඈතට මාව ගහගෙන ගියා.
ඔබේ ශුද්ධ මාලිගාව මට නැවත දැකගන්න පුළුවන් වෙයිද’ කියලා මම කල්පනා කළා.
මුහුදු පැළෑටි මගේ හිස වටේ එතුණා.
6 මම මුහුද පතුලටම* කිඳා බැස්සා.
‘පොළොව මාව වහගෙන හැමදාටම මාව හිර කරගනියිද’ කියලා මට හිතුණා.
ඒත් යෙහෝවා මගේ දෙවියනි, ඔබ මාව මිනී වළෙන් ගොඩට අරන් මගේ ජීවිතේ ආරක්ෂා කළා.+
7 යෙහෝවා, මරණය ඉස්සරහා ඉද්දී මට මතක් වුණේ ඔබව විතරයි.+
ඔබේ ශුද්ධ මාලිගාවේ ඉඳන් ඔබ මං කරපු යාච්ඤාවට සවන් දුන්නා.+
8 කිසි දෙයක් කරන්න බැරි රූප ඉස්සරහා වැඳ වැටෙන මිනිස්සු නොසැලෙන ආදරයක්* පෙන්නන ඔබව අත්හැරලා දාලා.*
9 ඒත් මම ස්තුති ප්රශංසා දෙමින් පූජා ඔප්පු කරන්නේ ඔබටයි.
ඔබට පොරොන්දු වුණ හැම දේම මම ඒ විදිහටම ඉටු කරනවා.+
ගැලවීම ලබා දෙන්නේ යෙහෝවා වන ඔබයි.”+
10 පස්සේ යෝනාව ගොඩබිමට වමාරන්න කියලා යෙහෝවා මාළුවාට අණ කළා. ඌ යෝනාව ගොඩබිමට වැමෑරුවා.