ගීතාවලිය
ස්වර්ගයේ ඉන්න සියල්ලෙනි, යෙහෝවාට ප්රශංසා කරන්න.+
උස් තැන්වල ඉන්න සියල්ලෙනි, ඔහුට ප්රශංසා කරන්න.
ඔහුගේ මුළු සේනාවෙනි, ඔහුට ප්රශංසා කරන්න.+
3 හිරුත් සඳුත්, ඔහුට ප්රශංසා කරන්න.
බැබළෙන තාරකාවෙනි, ඔහුට ප්රශංසා කරන්න.+
4 ඉමක් කොනක් නැති අහස්තලයෙනි,
වැහි වලාවෙනි, ඔහුට ප්රශංසා කරන්න.
7 පොළොවේ ඉන්න සියල්ලෙනි,
මුහුදේ ඉන්න දැවැන්තයෙනි, ගැඹුරු දිය දහරාවෙනි,
යෙහෝවාට ප්රශංසා කරන්න.
8 අකුණු සහ හිම කැට වර්ෂාවෙනි, හිම සහ ගන වලාවෙනි,
ඔහුගේ අණ ඉටු කරන චණ්ඩ මාරුතයෙනි,+ ඔහුට ප්රශංසා කරන්න.
දේවදාර ගස් සහ පලින් බර වුණ ගස් සියල්ලෙනි,+ ඔහුට ප්රශංසා කරන්න.
කුඩා සතුන්* සහ පියාසර කරන කුරුල්ලෙනි, ඔහුට ප්රශංසා
කරන්න.
11 පොළොවේ රජවරුනි, හැම ජාතියකටම අයිති ජනයෙනි,
අධිපතීන් සහ පොළොවේ විනිශ්චයකරුවෙනි, ඔහුට ප්රශංසා
කරන්න.+
බාල මහලු සියල්ලෙනි, ඔහුට ප්රශංසා කරන්න.
ඔහුගේ තේජස අහසටත් පොළොවටත් ඉහළින් නැඟ යනවා.+
14 ඔහු තමන්ගේ සෙනඟගේ ශක්තිය* වැඩි කරනවා.
එහෙම කරලා ඔහුට ළං වෙලා ඉන්න ඊශ්රායෙල් සෙනඟට,
ඔහුට විශ්වාසවන්තව ඉන්න ඒ හැමෝටම,
ගෞරවය, ප්රශංසාව ලැබෙන්න සලස්වනවා.
යාහ්ට ප්රශංසා කරන්න!*