ගීතාවලිය
දාවිත් රචනා කරපු ගීතයක්.
ඔබ විශ්වාසවන්ත, ධර්මිෂ්ඨ කෙනෙක් නිසා මට උත්තර දෙන්න.
2 අනේ දෙවියනි, ඔබේ සේවකයාට විරුද්ධව නඩුවක් ගොනු කරන්න එපා.
මොකද ඔබ ඉස්සරහා නිර්දෝෂව ඉන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ.+
3 සතුරා මගේ පස්සෙන් පන්නගෙන එනවා.
ඔහු මාව බිමට ඇදලා දාලා පාගලා දානවා.
කාලෙකට කලින් මිය ගිය අය වගේ මටත් දැන් අඳුරු තැන්වල ඉන්න වෙලා.
5 මම අතීතය මතක් කරගන්නවා.
ඔබ කරපු හැම දෙයක් ගැනම හොඳින් කල්පනා කරනවා.+
ඔබේ අතින් කරපු දේවල් ගැන මම හරිම ආශාවෙන් හිතලා බලනවා.*
6 මම දෑත් ඔසවලා ඔබට යාච්ඤා කරනවා.
වියළි දේශයක් වැහි පොදක් වැටෙන කල් බලන් ඉන්නවා වගේ
ඔබ මට උදව් කරන කල් මම බලන් ඉන්නවා.+ (සීලාහ්)
8 උදෑසනින්ම ඔබේ නොසැලෙන ආදරේ මට අද්දකින්න සලස්වන්න.
මොකද මං විශ්වාසය තියන්නේ ඔබ ගැනයි.
9 අනේ යෙහෝවා, මගේ සතුරන්ගෙන් මාව බේරගන්න.
මොකද මං රැකවරණය පතන්නේ ඔබගෙන්.+
11 යෙහෝවා දෙවියනි, ඔබේ නම ගැන හිතලා මගේ ජීවිතේ රැක දෙන්න.
ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් නිසා මාව විපතෙන් ගලවගන්න.+