හිතෝපදේශ
30 මේ යාකේගේ පුතා වුණ ආගුර් කියපු බැරෑරුම් පණිවිඩයක්.
එයා ඒක කිව්වේ ඉතියෙල්ට සහ ඌකාල්ට.
3 මං ප්රඥාව අත් කරගෙන නැහැ.
අතිශුද්ධ තැනැත්තා දෙන දැනුම මං ලබාගෙනත් නැහැ.
4 ස්වර්ගයට ගිහින් ආයෙත් පොළොවට ආවේ කවුද?+
තමන්ගේ අත් දෙකෙන් සුළඟ අල්ලගත්තේ කවුද?
තමන්ගේ සළුවෙන් ජල ධාරා රැස් කරගත්තේ කවුද?+
පොළොවේ සීමා නියම කළේ කවුද?+
ඒ වගේ කෙනෙක්ව ඔයා දන්නවාද?
දන්නවා නම් ඔහුගේ නම මට කියන්න.
ඔහුගේ පුතාගේ නමත් මට කියන්න.
5 දෙවියන්ගේ හැම වචනයක්ම පවිත්රයි.+
ඔහුගේ රැකවරණය පතන අයට ඔහු පලිහක්.+
6 ඔහුගේ වචනවලට කිසි දෙයක් එකතු කරන්න එපා.+
එහෙම කළොත් දෙවියන් ඔයාට තරවටු කරයි.
ඔයා බොරුකාරයෙක් කියලත් ඔප්පු වෙයි.
7 දෙවියනි, මම ඔබෙන් දේවල් දෙකක් ඉල්ලනවා.
මං ජීවත් වෙන තාක් කල් ඒ දේවල් දෙක හැරෙන්න වෙන කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ.
8 බොරුවත් වංචාවත් මගෙන් අයින් කරන්න.+
මට දුප්පත් වෙන්නවත් පොහොසත් වෙන්නවත් දෙන්න එපා.
එදිනෙදා ඕනෙ කරන කෑම ටික විතරක් මට දෙන්න.+
9 නැත්නම් මං ඕනෑවට වඩා සෑහීමට පත් වෙලා,
“යෙහෝවා කියන්නේ කවුද?+ මං ඔහුව අඳුරන්නේ නැහැ” කියලා කියයි.
මට දුප්පතෙක් වෙන්න දෙන්නත් එපා.
එහෙම වුණොත් මං හොරකමට පුරුදු වෙලා ඔබගේ නමට නින්දා කරයි.
10 සේවකයෙක් ගැන එයාගේ ස්වාමියාට බොරු කියලා එයාගේ හොඳ නම නැති කරන්න එපා.
එහෙම කළොත් එයා ඔයාට ශාප කරයි. ඔයා වරදකරුවෙක් කියලත් ඔප්පු වෙයි.+
14 කඩු වගේ තියුණු දත් තියෙන,
මන්න පිහි වගේ ශක්තිමත් හකු තියෙන පරම්පරාවක් ඉන්නවා.
එයාලා අසරණ අයව කාලා දානවා.
දුප්පත් අයව ගිලලා දානවා.+
15 කූඩැල්ලාට දුවලා දෙන්නෙක් ඉන්නවා.
“දෙන්න! දෙන්න” කියකිය එයාලා නිතරම කෑගහනවා.
කවදාවත් සෑහීමට පත් වෙන්නේ නැති දේවල් තුනක් තියෙනවා.
“මට ඇති” කියලා කියන්නේ නැති දේවල් හතරක් තියෙනවා.
17 තාත්තාව හෑල්ලු කරන,
අම්මාගේ උපදෙස් ගණන් ගන්නේ නැති කෙනෙක් ඉන්නවා.+
නිම්නයේ ඉන්න කපුටෝ ඇවිත් එයාගේ ඇස් උගුල්ලලා දායි.
රාජාලි පැටව් ඒවා කාලා දායි.+
18 මට තේරුම්ගන්න බැරි දේවල් තුනක් තියෙනවා.
මට වටහාගන්න බැරි දේවල් හතරක් තියෙනවා.
19 ඒ, රාජාලියෙක් අහසේ පියාඹන විදිහ,
සර්පයෙක් පර්වතයක් මත ඇදී යන විදිහ,
නැවක් ගැඹුරු මුහුදේ යාත්රා කරන විදිහ,
ඒ වගේම තරුණියක් වෙතට පුරුෂයෙක්ගේ හිත ඇදී යන විදිහ.
20 අනාචාරයේ* යෙදෙන ස්ත්රියක් හැසිරෙන්නේ මෙහෙමයි.
එයා කෑම කාලා කට පිහදාලා
“මං කිසි වරදක් කළේ නැහැ”+ කියලා කියනවා.
21 පොළොවේ වැසියන්ව කලඹවන දේවල් තුනක් තියෙනවා.
එයාලට දරාගන්න බැරි දේවල් හතරක් තියෙනවා.
22 ඒ, දාසයෙක් රජකමට පත් වෙන එක,+
මෝඩයෙක් උගුරට එන කල් කන එක,
23 වෛර කරපු* ස්ත්රියක්ව විවාහ කරගන්න එක,
දාසියක් එයාගේ ස්වාමිදුවට හිමි තැන පැහැරගන්න එක.+
29 ආඩම්බර ලීලාවෙන් ගමන් කරන තුන්දෙනෙක් ඉන්නවා.
සිත්ගන්නා විදිහට ඇවිදගෙන යන හතරදෙනෙක් ඉන්නවා.
30 එක් කෙනෙක් සිංහයා. ඌ වනසතුන් අතරින් බලවතා.
ඌ කිසිම කෙනෙක්ට බයේ ආපහු හැරිලා යන්නේ නැහැ.+
31 දඩබල්ලාගේ ගමනත් එළුවාගේ ගමනත්
තමන්ගේ සේනාව ඉස්සරහා යන රජෙක්ගේ ගමනත් ඒ වගේ.